• Ada Derana BIZ Sinhala
  • Global gold prices
  • sri lanka

ගෝලීය රන් මිල තවදුරටත් ඉහළට

October, 4, 2022

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල මේ වන විට ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. ඊයේ (03) දිනය වන විට රන් අවුන්සයක ගෝලීය මිල ඩොලර් 1,700 මට්ටමට පැමිණ තිබුණි.

මේ අතර අද (04) පෙරවරුවේ කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි රත්‍රං මිල ද ගෝලීය වෙළෙඳපොළට සමගාමීව ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය කළ හැකිය.

ඒ අනුව කැරට් 22 රත්‍රං පවුමක මිල රු. 163,800 ක් ලෙසත් කැරට් 24 ක රන් පවුමක මිල රු. 177,000 ක් දක්වා ත් වැඩි වී තිබුණි.