October, 4, 2022
TikTok සිය අද්විතීය Family Pairing විශේෂාංගය සමඟින් පවුලේ සුරක්ෂාව සඳහා වන සිය ප්රයත්නයන් අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් සිටී. එමගින් දෙමාපියන්ට සහ යෞවන යෞවනියන්ට ඔවුන්ට ගැලපෙන පරිදි ආරක්ෂිත සැකසුම් සකස් කිරීමට අවස්ථාව ලබා දෙයි. සිය #FamilyFirst මුලපිරීම සමඟින් DM, දැනුම්දීම් (notifications), නැරඹීමේ සහ download කර ගැනීමේ සැකසීම් ඇතුළුව දෙමාපියන්ට ඔවුන්ගේ දරුවන්ගේ TikTok ගිණුම්වල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට Family Pairing විශේෂාංගය භාවිතා කළ හැකි ආකාරය පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීමට TikTok අරමුණු කරයි. මෙය මෙම වේදිකාව භාවිත කරන යෞවනයින්ගේ සුරක්ෂාව පිළිබඳව සැලකිල්ලක් හා සහාය දැක්වීම සඳහා TikTok හි අඛණ්ඩ කැපවීමේ වැදගත් කොටසක් ලෙස පෙන්වා දිය හැකිය.
Family Pairing විශේෂාංගය හරහා දෙමාපියන්ට සිය TikTok ගිණුම් තම දරුවන්ගේ ගිණුම් සමඟ සම්බන්ධ කර පාලනය කිරීමට අවස්ථාව ලබා දෙන අතර පහත සඳහන් අංශ කෙරෙහි ද දෙමපියන්ගේ අවධානය යොමු කරවයි.
TikTok ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය හා කීර්තිමත් පුද්ගලයින් සහ නිර්මාණකරුවන් කිහිපදෙනෙකු සමඟ සහයෝගයෙන් කටයුතු කර ඇති අතර ඔවුන් විශේෂයෙන්ම වයස අවුරුදු 13 සහ 19 අතර තරුණ පරිශීලකයින් කෙරෙහි අවධානය යොමු කරමින් පවුලේ ආරක්ෂාව පිළිබඳව TikTok හි ක්‍රියාකාරකම් ඉහළ නැංවීම සඳහා ආකර්ෂණීය අන්තර්ගතයන් නිර්මාණය කරනු ඇත.
ජනතාව TikTok වැනි වේදිකා වැඩි වශයෙන් වැළඳ ගැනීම නිසා පවුල්වලට ඔවුන්ගේ නිර්මාණශීලීත්වය ප්‍රකාශ කිරීමට, ඔවුන්ගේ කථා බෙදාහදා ගැනීමට සහ ඔවුන්ගේ ප්‍රජාවන්ට සහයෝගය දැක්වීමට සියලූ ආකාරයේ අන්තර්ගයන් නිර්මාණය කිරීම සඳහා දේවල් එකට සම්බන්ධ කිරීමට ඔබට ඉඩ සලසන උසස් විශේෂාංග සපයයි.
පවුල් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් සිය කොන්දේසි, ප්‍රතිපත්ති, පාලනයන් සහ අධ්‍යාපනික මූලාශ්‍ර වැඩිදියුණු කිරීමට සහ ඉහළ නැංවීමට TikTok පසුගිය වසර පුරා පියවර රැසක් ගෙන ඇත. එහිදී TikTok සිය ප්‍රතිපත්ති වඩාත් විනිවිදභාවයෙන් යුතුව සහ පහසුවෙන් ප්‍රවේශ විය හැකි ආකාරයට සකස් කර තිබේ. එහි Safety Center සතුව ඇති සම්පත් මත ගොඩනැගුණු එහි විශ්වාසය පිළිබඳ සහ ආරක්ෂිත කොන්දේසි සංවර්ධනය කර තිබෙන අතර ප්රමුඛ පෙළේ online safety සංවිධාන සමඟ ද අත්වැල් බැඳගෙන ඇත.
TikTok, Family Pairing හඳුන්වා දීමෙන් අපගේ පරිශීලකයින්ගේ ආරක්ෂාව සඳහා ගොඩනගා ඇති එහි කැපවීම ඉදිරියට ගෙන යයි. එය අන්තර්ජාලය ආරක්ෂිතව භාවිත කරන ආකාරය සහ අන්තර්ජාලය හා අනෙකුත් ඩිජිටල් තාක්ෂණයන් ඵලදායී හා වගකීමෙන් යුතුව භාවිත කිරීමට ඇති හැකියාව පිළිබඳව දරුවන්ට අවබෝධයක් ලබා දෙන අතරතුර දෙමාපියන්ට සිය දරුවන්ගේ online තාක්ෂණය පිළිබඳ අත්දැකීම් නිරීක්ෂණය කිරීමට ඔවුන්ට මගපෙන්වීම සඳහා වන TikTok හි අඛණ්ඩ ප්රයත්නයන්වල තවත් වැදගත් කොටසක් ලෙස පෙන්වා දිය හැකිය.
TikTok හි ආරක්ෂිත විශේෂාංග පවුල්වල ආරක්ෂාව සහතික කිරීම සඳහා වන එහි ප්රයත්නයන් මත ගොඩනගා ඇති අතර සිය ප්‍රජාවේ ආරක්ෂාව, පෞද්ගලිකත්වය සහ යහපැවැත්ම ආරක්ෂා කිරීමේදී එයට සීමාවක් නොමැත. මෙම වේදිකාව තවදුරටත් නව්‍යකරණය කිරීම සඳහා යෞවනයින්, ප්‍රජා සංවිධාන, දෙමාපියන් සහ නිර්මාණකරුවන් සමඟ කටයුතු කරමින් පුද්ගලයින්ට විනෝද වීමට, ඔවුන්ගේ එදිනෙදා ජීවිතය සතුටින් ගත කිරීමට වැදගත් වන දේවල් සඳහා සහ ඔවුන්ගේ නිර්මාණශීලීත්වය අන් අය සමඟ බෙදාහදා ගැනීමට ජීවිතයේ සෑම තරාතිරමකම පුද්ගලයින් TikTok වෙත අඛණ්ඩව පැමිණේ.
Video Story