• Ada Derana BIZ Sinhala
  • Dr. Priyanga Dunusinghe
  • sri lanka
  • Turnover tax

පිරිවැටුම මත බද්ද අහිතකරයි – ආචාර්ය ප්‍රියංග දුනුසිංහ

October, 4, 2022

රජය විසින් හඳුන්වා දෙන ලද සමාජ ආරක්ෂණ බද්ද, පිරිවැටුම මත අය කෙරෙන්නක් බැවින් ඒ හරහා වාර කිහිපයක් බද්දට යටත් වීම තුළ බදු බර සීඝ්‍ර ලෙස ඉහළ යනු ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි.

ආචාර්ය දුනුසිංහ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, පිරිවැටුම හරහා බදු අය කිරීම මීට දශකයකට පමණ පෙර තිබුණු ක්‍රමවේදයක් බවයි. එතැන් සිට වටිනාකම එකතු කළ බදු ක්‍රමයකට විතැන් වීමෙන් පසු නැවත වරක් පිරිවැටුම මත බදු අයකිරීමකට ගමන් කිරීම නොකළ යුත්තක් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

බදු ක්‍රමය සරල විය යුතුයි යන මූලධර්මය යටතේ අත්‍යාවශ්‍යයෙන්ම අදාළ බදු හැකිතාක් දුරට උත්සාහ කළ යුතුයි, සරල බදු ක්‍රමයක, බදු වර්ග කිහිපයකට පමණක් අතලොස්සකට පමණක් සීමාකරන බදු ක්‍රමයක අවශ්‍යතාවය පවතිනවා.

විශේෂයෙන්ම පිරිවැටුම මත බදු අය කිරීම කියන සංකල්පය මීට දශකයකට පමණ පෙර තමයි එවැනි ක්‍රමවේදයක් අපිට තිබුණේ.  ඒ ක්‍රමවේදයේ ඉඳලා තමයි අපි වටිනාකම එකතු කිරීමේ බදු ක්‍රමයට ගමන් කළේ. නැවත වරක් පිරිවැටුම මත බදු අය කරෙන ක්‍රමවේදයට ගමන් කිරීම නොකළ යුතුව පැවතියා.

පිරිවැටුම මත අය කරන බද්ද සියයට 2.5 ලෙස ප්‍රකාශ කර තිබුණත් එම බද්ද අවස්ථා කිහිපයක දී අය වීමට වැඩි ඉඩකඩක් තියෙනවා, එකම භාණ්ඩයකට හෝ සේවාවකට අදාළව. එවැනි තත්ත්වයක් තුළ ‘බදු පිට බදු‘ එකට එකතු වීමක් හරහා අත්‍යාවශ්‍යයෙන්ම සමහර භාණ්ඩ හා සේවාවලට අදාළව Effective rate of tax, ඒ කියන්නේ ඇත්තවශයෙන්ම අයවෙන බදු අනුපාතිකය සියයට 5ක් 7ක් විතර ප්‍රමාණයට යා හැකි යැයි ඇස්තමේන්තු ගත කර තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ පිරිවැටුම මත බද්ද අහිතකරයි කියලා. ඒකෙන් වාර කිහිපයක් බද්දට යටත් වීම තුළ බදු බර සීඝ්‍ර විදියට වැඩිවීමට නියමිතයි.