• Ada Derana BIZ Sinhala
  • Asia Siyaka Commodities PLC
  • record Price
  • sri lanka

තේ අලෙවියේ නව වාර්තාවක්

October, 6, 2022

2022 ඔක්තෝම්බර් මස 04 වෙනි දින කොළඹ තේ වෙන්දේසියේදි, ඒෂීයා සිියක කොමොඩිටීස් පී එල් සී සමාගම (Asia Siyaka Commodities PLC.) නව වාර්තාවක් පිහිට විය.

දේශබන්දු අරුණ ද සිල්වා මහතාට අයත් ගාල්ල දිස්ත‍්‍රික්කයේ පිටිගල ප‍්‍රදේශයේ පිහිටා ඇති බ්‍රොම්බිල් (Brombil) තේ කර්මාන්තශාලාවෙහි නිපදවා බ්‍රොම්බිල් (Brombil) වෙළඳ නාමය යටතේ කොළඹ තේ වෙන්දේසියට ඉදිරිපත් කර තිබූ "බී ඕ පී එෆ්" (BOPF ) වර්ගයේ තේ කිලෝවක් ප‍්‍රකට තේ ගැණුම්කරුවකු වන ජැෆර්ජි බ‍්‍රදර්ස් (Jafferjee Brothers.) සමාගමට රු. 3,300.00 අලෙවි කරමින් මෙම නව වාර්ථාව පිහිට විය. මෙයට ප‍්‍රථම පහත රට "බී ඕ පී එෆ්” (BOPF ) වර්ගයේ තේ කිලෝවක් සඳහා පැවති උපරිම මිල රු. 2,950.00 කි. මෙම තේ කර්මාන්තශාලවේ කළමනාකාර අධ්‍යක්‍ෂක ලෙස ආචාර්්‍්‍ය ඉන්දික නල්ලපෙරුම මහතා කටයුතු කරන අතර, සෙනාල් ද සිල්වා මහතාද එහි අධ්‍යක්‍ෂකවරයකු ලෙස කටයුතු කරයි.