October, 6, 2022
අත්‍යාවශ්‍ය නොවන ආනයන සීමා කිරීමට ගෙන ඇති ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල බලපෑම පිළිබිඹු කරමින් මෙන්ම අපනයන ඉපැයීම් ඉහළ යෑම හේතුවෙන් 2021 වසරේ අනුරූප කාලයට සාපේක්ෂව 2022 වසරේ අගෝස්තු මාසයෙන් අවසන් වන මාස අට තුළ වෙළඳ හිඟය සැලකිය යුතු ලෙස අඩු විය.
විදේශ සේවා නියුක්තිකයන්ගේ මාසික ප්‍රේෂණවල වර්ධනයක් මෑතකදී දක්නට ලැබුණ අතර ඉදිරි කාලයේදී සංචාරක ක්ෂේත්‍රය යතා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. අපනයන ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලෙස ලැබෙන විදේශ විනිමය ලැබීම් ඉහළ යෑම හේතුවෙන් දේශීය බැංකු පද්ධතියෙහි විදේශ විනිමය ද්‍රවශීලතාව යම් වර්ධනයක් වාර්තා කළේය. විදේශ විනිමය වෙළඳපොළ තුළ පවතින පීඩන මධ්‍යයේ වුවද විදේශ විනිමය ද්‍රවශීලතා තත්ත්වයන්හි එවැනි වැඩිදියුණු වීම් මගින් ඉදිරි කාලය තුළ ඉන්ධන, ගල් අඟුරු සහ අනෙකුත් වෙළඳ භාණ්ඩ ඇතුළු අත්‍යවශ්‍ය ආනයන අඛණ්ඩව සැපයීම සඳහා පහසුකම් සැලසීම අපේක්ෂා කෙරේ.
මේ අතර අන්තර් බැංකු එතැන් වෙළඳපොළේ සිදු වූ සාපේක්ෂ අඩු ගනුදෙනු ප්‍රමාණය හේතුවෙන් 2022 සැප්තැම්බර් මස මැද සිට බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය නොවෙනස්ව පවතී. 2022 සැප්තැම්බර් මස අවසන් වන විට දළ නිල සංචිත ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 1.8ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, භාවිතා කිරීමේ කොන්දේසි වලට යටත්ව චීන මහජන බැංකුවෙන් ලබා ගත් එ. ජ. ඩොලර් බිලියන 1.4කට සමාන විදේශ විනිමය හුවමාරු පහසුකම ද මෙයට ඇතුළත් වේ.
විස්තීර්ණ ණය පහසුකම් වැඩපිළිවෙළ පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් කාර්ය මණ්ඩල මට්ටමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා බලධාරීන්, මූල්‍ය හා නීති උපදේශකයින්ගේ සහාය ඇතිව රටේ බාහිර ණය හිමියන් සමඟ සාකච්ඡා කඩිනම් කරමින් සිටී.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2022 අගෝස්තු මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාවෙහි මේ බව සඳහන් වේ.
Video Story