October, 7, 2022
අන්තර් භාණ්ඩ ආනයන වියදම, 2021 වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව, 2022 වසරේ අගෝස්තු මාසයේ දී සියයට 2.6කින් ඉහළ ගිය අතර, මේ සඳහා ප්‍රධාන වශයෙන් ඉන්ධන, රෙදිපිළි හා රෙදිපිළි උපාංග (ප්‍රධාන වශයෙන් රෙදි වර්ග) සහ පොහොර (ප්‍රධාන වශයෙන් යූරියා) හේතු විය.
තවත 2022 අගොස්තු මාසයේ දී රසායනික නිෂ්පාදිත, දියමන්ති, අගනා ගල් වර්ග හා ලෝහ වර්ග (මූලික වශයෙන්, කාර්මික කටයුතු සඳහා යොදා ගන්නා දියමන්ති), කඩදාසි, ඝන කඩදාසි හා ඒ ආශ්‍රිත නිෂ්පාදිත, සහ රබර් හා ඒ ආශ්‍රිත නිෂ්පාදිත මත ආනයන වියදම ද 2021 අගෝස්තු මාසයට සාපේක්ෂව ඉහළ යෑමක් වාර්තා කළේය.
මේ අතර මූල ලෝහ (ප්‍රධාන වශයෙන් යකඩ හා වානේ), තිරිඟු, කෘෂිකාර්මික යෙදවුම් (ප්‍රධාන වශයෙන් සත්ත්ව ආහාර), රථවාහන හා යන්ත්‍රෝපකරණ කොටස් ඇතුළු වෙනත් බොහෝ අන්තර් භාණ්ඩවල කැපී පෙනෙන පහළ යෑමක් වාර්තා විය.
කෙසේ වෙතත් බොරතෙල්, පිරිපහදු කළ ඛනිජ තෙල් සහ ගල් අඟුරුවලින් සමන්විත ඉන්ධන ආනයන වියදම2022 වසරේ අගෝස්තු මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 389 ක් දක්වා සියයට 10.2 කින් (වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත) ඉහළ ගිය අතර, බොරතෙල් සහ පිරිපහදු කළ ඛනිජතෙල් ආනයන පරිමාවන් පහළ ගියද, ආනයන මිල ගණන්වල සාමාන්‍ය ඉහළ යෑම, මෙම ඉහළ යෑම සඳහා හේතුවිය.
2021 වසරේ අගෝස්තු මාසයේ දී එක්සත් ජනපද ඩොලර් 74.88 ක් වූ බොරතෙල් බැරලයක ආනයන මිලෙහි සාමාන්‍ය, 2022 වසරේ අගෝස්තු මාසයේ දී එක්සත් ජනපද ඩොලර් 114.71 ක් විය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2022 අගෝස්තු මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාවහෙි මේ බව සඳහන් වේ.
Video Story