• Ada Derana BIZ Sinhala
  • September
  • sri lanka
  • tourist arrivals

2022 අඩුම සංචාරක පැමිණීම සැප්තැම්බරයේ දී

October, 10, 2022

පසුගිය සැප්තැම්බර් මාසයේ දී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 29,802 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ.

මෙහි ඇති විශේෂත්වය නම් 2022 වර්ෂයේ තනි මාසයක් තුළ පැමිණ ඇති අඩුම සංචාරක සංඛ්‍යාව ලෙසින් මෙය සටහන් වීමයි.

මීට පෙර මෙම වසර තුළ අඩුම මෙරට සංචාරක පැමිණීමේ පහළම අගය වාර්තා වී තිබුණේ පසුගිය මැයි මාසයේ දීය. එය 30,207 කි.

2022 මුල් මාස 09 තුළ පැමිණ තිබෙන මුළු සංචාරකයින් ප්‍රමාණය 526,232 ක් වේ.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ 2022 සැප්තැම්බර් මාසය තුළ සංචාරක ඉපයීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 53.6 ක් බවයි.

ඒ අනුව 2022 මුල් මාස 09 තුළ මුළු සංචාරක ඉපයීම් ඩොලර් මිලියන 946.4 ක් වේ.