සමාගමක් කොටස් වෙළෙඳපොළෙන් ඉවතට

    October, 17, 2022

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වූ ලකී ලංකා මිල්ක් ප්‍රොසෙසින් කම්පැනි පීඑල්සී සමාගම, කොළඹ කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.

    කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරී රේනුක විජයවර්ධන විසින් මේ බව තැරැව්කාර ආයතන වෙත දැනුම් දී ඇත.

    එහි දැක්වෙන පරිදි ලකී ලංකා මිල්ක් ප්‍රොසෙසින් කම්පැනි පීඑල්සී සමාගම 2022 ඔක්තෝබර් 13 දින සිට නිල වශයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුවෙන් ඉවත් කර තිබේ.

    ඒ අනුව මෙතෙක් 294 ක්ව පැවති ලැයිස්තුගත සමාගම් ප්‍රමාණය 293 ක් දක්වා අඩු වනු ඇත.

    Video Story

    Latest News

    Stock Market

    Exchange Rates