October, 17, 2022
ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා, අපනයන ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා පත් කර ඇති සියලුම උපදේශක කමිටු සභාපතිවරුන් හමුවීම පසුගිය බ්‍රහස්පතින්දා (14) සිදුවිය. අමාත්‍යවරයා එහිදී ව්‍යාපාර සඳහා හිතකර පරිසරයක් ලබාදීමේ වැදගත්කම අවධාරණය කළ අතර, අපනයන ක්ෂේත්‍රයට රජයේ අවධානය යොමු කර ඉහළම පිළිගැනීමක් ලබාදී, ආයෝජන ආකර්ෂණය මගින් රැකියා උත්පාදනය සහ ඒ ඔස්සේ ජනතාවට ආර්ථික හා සමාජීය ප්‍රතිලාභ ලබා දීමත්, විදේශ විනිමය ඉහළ නැංවීමේ වැදගත්කමත් අවධාරණය කළේය.
අපනයන සංවර්ධන මණ්ඩල පනතේ විධිවිධාන අනුව පත් කර ඇති උපදේශක කමිටු සංඛ්‍යාව 24කි. වර්තමාන ගෝලීය ආර්ථික පරිසරයෙන් පැන නගින ඉල්ලුම් සහ සැපයුම් පාර්ශ්වයේ බාධාවන් හේතුවෙන් රජයේ සහ පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන්ට මග පෙන්වීම සඳහා සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කිරීම මෙම කමිටු මගින් අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් අපනයන ප්‍රජාව වෙත සිදුකරන සේවාව අගය කළ අමාත්‍යවරයා, අපනයන සංවර්ධන මණ්ඩලය සහ ආයෝජන මණ්ඩලය රට තුළ ආයෝජන අවස්ථා ඉහළ නැංවීම සඳහා සමීපව කටයුතු කළ යුතු බව වැඩිදුරටත් අවධාරණය කළේය.
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක සුරේෂ් ද මෙල් මහතා අවධාරණය කළේ වත්මන් සන්දර්භය තුළ අපනයනකරුවන් මුහුණ දෙන අභියෝගවලට මුහුණ දීම සඳහා ශක්තිමත් සහයෝගීතාවයක් සහ කාර්යක්ෂම පහසුකම් සැපයීමක් කෙරෙහි රජය සිය අවධානය යොමු කර ඇති බවයි.
අපනයන ක්ෂේත්‍රය නියෝජනය කරමින් උපදේශක කමිටු සභාපතිවරු රටේ ව්‍යාපාර සහ ආයෝජන පරිසරය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කළ අතර රජයේ අනෙකුත් අමාත්‍යාංශ සහ නියෝජිතායතන ඇතුළු අදාළ සියලුම පාර්ශ්වකරුවන් සමඟ සමීප සහයෝගයෙන්, අපනයනකරුවන් මුහුණ දෙන ගැටළු සහ බාධක විසඳීමට තමන් උත්සාහ කරන බවට අමාත්‍යවරයා සහතික විය.
එසේ ම උපදේශක කමිටු සභාපතිවරු සහ නියෝජිත පිරිස් තම සහයෝගය ලබා දීමට ප්‍රතිඥා දුන් අතර අපනයන සංවර්ධන මණ්ඩල උපදේශක කමිටු සමඟ ක්‍රියාශීලීව කටයුතු කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාට ස්තුතිය පුද කළහ.
Video Story