October, 19, 2022
කොකා කෝලා ශ‍්‍රී ලංකා විසින් "බිග් බඞී පැක්” ලෙස නම් කර ඇති විශාල ආපසු භාරදිය හැකි වීදුරු බෝතල් (LRGB) නව මුහුණුවරකින් සහ නැවුම් පෙනුමකින් අත්දැකීම වැඩිදියුණු කිරීමට සහ පාරිභෝගිකයින්ට දැරිය හැකි විකල්පයක් ලබා දීමට හඳුන්වා දෙයි. නව බිග් බඞී බෝතලය සාක්කුවට මෙන්ම පරිසරයටද යහපත් වන පරිදි ස්ථානගත කර ඇත.
කොකා-කෝලා වීදුරු බෝතලය ලෝකයේ වඩාත්ම ප‍්‍රචලිත හැඩයන්ගෙන් එකක් වන්නේ එහි ඇති සමෝච්ඡ දාර සහිත මුහුණුවර නිසාය. එය සම්භාව්‍ය නිර්මාණයක් ලෙස ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක්ව ඇති අතර දශක ගණනාවක් තිස්සේ කලාව, සංගීතය සහ වෙළඳ ප‍්‍රචාරණය තුළ මෙම හැඩය සමරනු ලබයි. සමෝච්ඡ හැඩැති බෝතලය සැමවිටම කොකා-කෝලා සමඟ සම්බන්ධ වන නමුත් සමාගම සිය පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා නව්‍යකරණයන් සහ පරිණාමය කිරීම දිගටම කරගෙන යයි.
සහසම්පූර්ණ බීම සමාගමක් ලෙස, කොකා-කෝලා පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ජීවන රටාවට සහ අවස්ථාවට ගැලපෙන පරිදි ඇසුරුම්වල වර්ගය සහ ප‍්‍රමාණය තෝරාගැනීමේදී වැඩි පරාසයක් සපයයි. ශ‍්‍රී ලංකාව මුහුණ දෙන අභියෝගාත්මක ආර්ථික වකවානුව අභියස, LRGB "බිග් බඞී පැක්” මගින් පාරිභෝගිකයින්ට කොකා-කෝලා වල රසය රුපියල් 180/-ක දැරිය හැකි මිලකට සහ 0.75 ලීටර් ප‍්‍රමාණයකින් බිග් බඞී භුක්ති විඳීමට අවස්ථාව සලසයි. මෙම ඇසුරුම ප‍්‍රබෝධමත් කෝක්, ෆැන්ටා හෝ ස්ප‍්‍රයිට් වීදුරු 04ක් දක්වා සපයන බැවින් පවුලේ ආහාර වේල සඳහා පරිපූර්ණ සහකාරිය වනු ඇත, එය බස්නාහිර පළාතේ සහ ඉන් පසුව අනෙකුත් ප‍්‍රදේශවලදී ළ ලබා ගත හැකිය.
ශ‍්‍රී ලංකා හා මාලදිවයින යන රටවල් වල කොකා-කෝලා හි කළමනාකාර අධ්‍යක්ෂ පන්කජ් සින්හා ප‍්‍රකාශ කළේ, "කොකා-කෝලා සමාගමේ අරමුණ ලෝකය ප‍්‍රබෝධමත් කිරීම සහ වෙනසක් ඇති කිරීමයි. විවිධ පහසු ඇසුරුම් ප‍්‍රමාණ හරහා සීනි අඩු කළ හෝ රහිත විකල්ප ඇතුළු අර්ථවත් සන්නාම සහ රස කළඹක් ඔස්සේ අපි අපගේ පාරිභෝගිකයින්ට වගකිවයුතු තේරීම් පිරිනමන්නෙමු. මිලිලීටර් 750 බිග් බඞී ඇසුරුම සමාගමේ අරමුණ ශ‍්‍රී ලංකාව තුළ ජීවමාන කිරීමේ තවත් ප‍්‍රධාන පියවරකි. මෙවන් දුෂ්කර කාල වකවානුවකදී මෙම ඇසුරුම දැරිය හැකි මිලකට පාරිභෝගිකයාට ලබාදෙන ගමන්ම අද්විතීය නැවත පිරවිය හැකි වීදුරු බෝතලයක්, කඩදාසි ලේබල් සහ ඇලූමිනියම් මූඩියක් යන නව්‍යකරණයන් මගින්ද වෙනසක් ඇතිකරයි. බිග් බඞී බෝතලය මගින් කොකා-කෝලා පාරිභෝගිකයින්ට, විශේෂයෙන්ම වීදුරු බෝතල්වල කෝක් රස විඳිමින් හැදී වැඩුණු සහස‍්‍ර පරම්පරාවන්ට මතක මං තීරුවේ සංචාරය කර නැවත වරක් මෙම අද්විතීය වීදුරු බෝතල් අත්දැකීමේ අත්විඳීමට මෙම බෝතලය ඉඩ සලසයි. තරුණ පරම්පරාවන් සඳහා, එය ඔවුන්ගේ ප‍්‍රියතම ප‍්‍රබෝධමත් පානය භුක්ති විඳීමේ නව ක‍්‍රමයක් වනු ඇත.
කොකා-කෝලා ශ‍්‍රී ලංකා සමාගම සිය පාරිභෝගිකයින්ට වගකීම් සහගත තේරීම් අවස්ථා ලබාදීමේ අරමුණින් වසර ගණනාවක් පුරා සිය නිෂ්පාදන පෙළ ක‍්‍රමානුකූලව ගොඩනගා ඇත. එහි ප‍්‍රවේශමෙන් සකස් කරන ලද සන්නාම අතර ක්ලැසික් කෝක්, ස්ප‍්‍රයිට් සහ ෆැන්ටා ඇතුළත් වන අතර, ඒ සියල්ල RGB, PET සහ දැන් LRGB යන විවිධ පහසු ඇසුරුම් ප‍්‍රමාණවලින් ලබා ගත හැකිය. කොකා-කෝලා විසින් ෆැන්ටා ක‍්‍රීම් සෝඩා, ෆැන්ටා පෝර්ටෙලෝ සමග කෝක් සීරෝ සහ කින්ලි සෝඩා වැනි සීනි අඩු කරන ලද හෝ සීනි රහිත පාන වර්ග හරහා පාරිභෝගිකයන් වෙත නව්‍ය රසයන් ලබා දී ඇත.
කොකා-කෝලා බෙවරේජස් ශ‍්‍රී ලංකා සීමාසහිත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, දීපක් සෙන්තිල් නාත් මහතා පැවසුවේ, "සියලූම කොකා-කෝලා LRGB බෝතල් විනිවිද පෙනෙන අතර පෙනුම අතින් මටසිලිටු සහ පැහැදිලි ස්වභාවයක් ගනී. මෙම බෝතල් පාරිභෝගිකයින්ට ආපසු රැගෙන ඒමට වඩාත් පහසු වේ. එක් බෝතලයක් කිහිප වතාවක් නැවත පිරවිය හැකි වීම හේතුවෙන් වීදුරු බෝතල් නැවත භාවිත කළ හැකි ඇසුරුම් බවට පත් වෙයි. LRGB බෝතල්වල පළමු පිරිනැමීම පාරිභෝගිකයින්ට කෝක්, ස්ප‍්‍රයිට් සහ ෆැන්ටා වල රසයන් ලබා දෙනු ඇති අතර ඉදිරියේදී තවත් වෙළඳ නාම සමඟින් ඔබ අතට පත්වෙනු ඇත.
කොකා-කෝලා සමාගම 1961 දී දිවයිනේ ප‍්‍රථම වරට දියත් කරන ලද අතර අදට ශ‍්‍රී ලංකාවේ සිය 61 වන සංවත්සරය සමරයි. පසුගිය දශක හය තුළ සමාගම කොකා-කෝලා වෙළඳ ලකුණ හඳුන්වාදීම තුළින් මිලියන සංඛ්‍යාත පාරිභෝගිකයින්ගේ සිත් දිනාගත් අතර පසුව වෙනත් වෙළඳ නාම පරාසයක් පුරාවට කොකා-කෝලා සමාගම සිය ව්‍යාපාරයේ අනාගතය සඳහා ආයෝජනය කර ඇති අතර, පසුගිය දශක දෙක තුළ ඇමරිකානු ඩොලර් මිලියන 99 ක් තරම් ආයෝජනයක් කරමින් දිවයිනේ ජාතිය සඳහා දිගුකාලීන කැපවීමක් පෙන්නුම් කරයි. එහි පාන වර්ග විකිණීමෙන් ආදායමක් උපයා ගන්නා 80,000කට වැඩි වෙළඳ අලෙවිසැල් වෙළෙන්දන්ට අමතරව, ආර්ථිකයට ප‍්‍රතිලාභ ලබා දීම සඳහා දේශීය ශ‍්‍රම බලකාය තුළ රැකියා දහස් ගණනකට වඩා වැඩි ප‍්‍රමාණයක් නිර්මාණය කිරීම තුලින් ආර්ථික වටිනාකමක් නිර්මාණය කිරීමට සමාගම උපකාරී වී ඇත.
වසර ගණනාවක් පුරා, කොකා-කෝලා සමාගම විසින් ශ‍්‍රී ලංකාව තුළ සාර්ථක තිරසාර වැඩසටහන් කිහිපයක් ආරම්භ කර ඇත. නිවැරදි ආකාරයෙන් ව්‍යාපාර කරමින් මිනිසුන්ගේ ජීවිත, ප‍්‍රජාවන් සහ අපගේ ලෝකයේ වෙනසක් ඇති කරමින් වඩාත් තිරසාර සහ වඩා හොඳ හවුල් අනාගතයක් නිර්මාණය කිරීමට කොකා-කෝලා සමාගම අවධානය යොමු කරයි. සමාගම මෙය සාක්ෂාත් කරගනු ලබන්නේ ඇසුරුම් ප‍්‍රතිචක‍්‍රීකරණය, ජල ඌණපූරනය සහ කාන්තා සවිබල ගැන්වීමේ වැඩසටහන් ඇතුළු ප‍්‍රාදේශීය ප‍්‍රජාවන්ගේ යහපැවැත්ම සහතික කිරීම පිළිබඳ තිරසාර මුල පිරීම් මගිනි. නව විශාල ආපසු භාරදිය හැකි වීදුරු බෝතල් එළිදැක්වීම මගින් සමාගමේ තිරසාරභාවය පිළිබඳ අවධානය තව දුරටත් වැඩි කරන අතර ශ‍්‍රී ලාංකේය පාරිභෝගිකයින්ට මිතුරන් සහ පවුලේ අය සමඟ ආහාර වේලෙහිදී භුක්ති විඳීමට හැකි ප‍්‍රබෝධමත් සහනදායී පානයක් සැපයීම අරමුණු කරයි.



Video Story