• Ada Derana BIZ Sinhala
  • construction sector
  • sri lanka

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති අභියෝග සහ යෝජිත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

October, 21, 2022

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති අභියෝග සහ යෝජිත ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

පවතින ආර්ථික තත්ත්වය යටතේ ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණ දී ඇති ගැටළු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘති සහ මාර්ග ව්‍යාපෘති ඉදිකිරීමේ දී සිදුව ඇති ප්‍රමාදයන් පිළිබඳ විශේෂ අවධානය යොමු කරනු ලැබීය.

එමෙන්ම කොන්ත්‍රාත්කරුවන්, බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

ඉදිකිරීම් ක්ෂේත්‍රය පවත්වාගෙන යාම සහ ක්ෂේත්‍රයේ රැකියා සුරක්ෂිතතාව වෙනුවෙන් අනුගමනය කළයුතු වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී නිලධාරීන්ගේ අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කරමින් නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමට ද යෝජනා කළේය.

ඉදිකිරීම් ක්ෂේත්‍රය නගා සිටුවීම වෙනුවෙන් විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවන ලෙස ද ක්ෂේත්‍රයේ නියුතු පිරිස් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ‌ෙල්කම් සමන් ඒකනායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරු සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අයත් ආයතනවල ප්‍රධානීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Video Story

Stock Market

Exchange Rates