October, 25, 2022
මෙරට ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන ලංකා IOC පීඑල්සී 2022 ජූලි - සැප්තැම්බර් කාර්තුව සඳහා රු. බිලියන 12.35 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර තිබේ.
මෙම කාර්තුව තුළ සමාගමේ ආදායම රු. බිලියන 87.96 ක් ලෙසින් සටහන් වේ. මෙහිදී සමාගමේ දළ ලාභය රු. බිලියන 16.29 ක් හා මෙහෙයුම් ලාභය රු. බිලියන 14.19 ක් ලෙසින් සටහන්ව තිබේ.
මේ අනුව 2022/23 මූල්‍ය වර්ෂයේ පළමු භාගය එනම් 2022 අප්‍රේල් - සැප්තැම්බර් මාස 06 ක කාලපරිච්ඡේදය සඳහා රු. බිලියන 22.28 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට ලංකා IOC පීඑල්සී සමත්ව ඇත.
මෙය ලංකා IOC සමාගම මෙතෙක් ඉතිහාසයේ වාර්ත්ා කර ඇති ඉහළම ශුද්ධ ලාභ අගය වේ.
ලංකා IOC සමාගමේ සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 75.12% ක් හෙවත් කොටස් මිලියන 400 ක හිමිකාරීත්වය ඇත්තේ එහි මව් සමාගම වන ඉන්දියාවේ Indian Oil Corporation Limited සතුවය.

Video Story