October, 26, 2022
එළබෙන සිකුරාදා (28) රු. මිලියන 30,000 ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මෙහිදී කල්පිරීමේ කාල දෙකක් යටතේ මෙම වෙන්දේසිය පවත්වනු ලබන අතර එහිදී 2025 කාණ්ඩය වෙනුවෙන් රු. මිලියන 12,500 ක වටිනාකමකින් යුතු බැඳුම්කර සහ 2028 කාණ්ඩය සඳහා රු. මිලියන 17,500 ක වටිනාකමකින් යුතු බැඳුම්කර, වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරේ.
මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ වෙළෙඳපොළ තත්ත්වයන් මත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක් එක් කාණ්ඩය යටතේ වෙන්දේසියට ඉදිරිපත් කළ ප්‍රමාණයට නොවැඩි ඕනෑම ප්‍රමාණයක් පිළිගනු ලැබිය හැකි බවයි.

Video Story