රට බංකොලොත් නොවෙන්න වැඩ කළේ මම. ජනතාවට විරුද්ධ කිසිදෙයක් කරලා නැහැ – කබ්රාල්

    October, 27, 2022

    2006 වසරේ සිට 2014 දක්වා මහ බැංකු අධිපති වශයෙන් කටයුතු කරමින් එහි මුදල් අවභාවිතාවට ලක් කිරීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහි නඩුව ඊයේ (26) කැඳවනු ලැබීය.

    එහිදී හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පනවා තිබෙන විදේශ ගමන් තහනම නොවැම්බර් මස 24 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

    එමෙන්ම සැකකාර කබ්රාල් මහතා රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝග කර තිබුණි.

    අධිකරණයෙන් පිටව යන අවස්ථාවේ දී හිටපු මහ බැංකු අධිපතිවරයා මාධ්‍යවේදීන් විසින් කළ විමසීම් කිහිපයකට මෙසේ ප්‍රතිචාර දැක්වීය.

    “මට හොඳට නින්ද යනවා. මම කිසිදෙයක් කරලා නැහැ ජනතාවට විරුද්ධව. මම තමයි මේ රට බංකොලොත් නොවෙන්නට කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා මගේ හෘද සාක්ෂිය ඉතාමත් පිරිසිදුව මට තියෙනවා. ඒ හින්දා ගැටළුවක් නැහැ.“

     

    Video Story

    Stock Market

    Exchange Rates