October, 31, 2022
ලෝක ප්‍රකට මෝටර් රථ සන්නාමයක් වන Audi සහ ලිහිසි තෙල් සන්නාමයක් වන Castrol අතර අඛණ්ඩවම පවත්වාගෙන යන ගෝලීය ක්‍රමෝපායික සහයෝගීතාවය ශ්‍රී ලාංකික වෙළඳපොළ සඳහාද එලෙසම ඉදිරියට පවත්වාගෙන යාම සඳහා Castrol ශ්‍රී ලංකා නියෝජිත AMW සමාගම සහ Audi ශ්‍රී ලංකා නියෝජිත Drive One පෞද්ගලික සමාගම ඊට අදාළ ගිවිසුම් අලුත් කිරීම පසුගියදා නිල වශයෙන් සිදු කෙරිණි.
ජාත්‍යන්තර මෝටර රථ කර්මාන්ත ක්ෂේත්රයෙහි දැවැන්තම සන්නාමයන් දෙකක් වන Audi සහ Castrol අතර මෙම ක්‍රමෝපායික සහයෝගීතාවය 2008 වසරේ සිට සාර්ථකව ක්‍රියාත්මක වන අතර සමාගම් දෙකෙහිම ඒකාබද්ධ පර්යේෂණ හා සංවර්ධන ප්රයත්නයන් හරහා Audi එන්ජින් තාක්ෂණයට පරිපූර්ණ වශයෙන් ගැලපෙන ලිහිසි තෙල් නිෂ්පාදන හඳුන්වාදීමට හැකි වී ඇත. විශේෂයෙන්ම මෙම ක්‍රියාදාමය හරහා ඉන්ධන කාර්යක්ෂමතාවය විශාල වශයෙන් ඉහළ නැංවීමට හැකි වීම හා ඉන්ධන, එන්ජින් ඔයිල් ආදිය හරහා වන කාබන් ඩයෝක්සයිඩ් විමෝචනය අවම කිරීමට හැකි වීම සුවිශේෂී වේ.
ශ්‍රී ලංකාව තුළ Audi සහ Castrol සහයෝගීතාවය පසුගිය වසර 14 ක කාලය පුරාවට අඛණ්ඩවම පැවතුණු අතර ඒ හරහා ශ්‍රී ලංකාවේ Audi ලෝලීන් හට සිය ආදරණීය රථය නිර්දේශිත ලිහිසි තෙල් පමණක් භාවිතා කරමින් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නඩත්තු කිරීමට අවස්ථාව හිමි විය.
Castrol ලිහිසි තෙල් Audi සමාගම විසින් සිය මෝටර් රථ සඳහා හොඳම ලිහිසි තෙල් සන්නාමය ලෙසින් නිල වශයෙන් නිර්දේශ කර ඇති නිසා ශ්‍රී ලංකාවේ Audi ලෝලීන් හට Audi - Castrol සහයෝගීතාවය හරහා හිමිවන ප්රතිලාභ බොහෝමයකි. ඔවුන් හට ඉතා පහසුවෙන් හා බාධාවකින් තොරව තමන්ට අවශ්‍ය Castrol නිෂ්පාදන අඛණ්ඩවම ලබාගැනීමට හැකි වීම ඉන් ප්‍රධානතම වේ. විශේෂයෙන්ම Castrol විසින් Audi මෝටර් රථ හිමියන් හට ප්‍රමුඛතාවය ලබා දෙන නිසා පවතින විදේශ විනිමය අර්බුධය හේතුවෙන් දේශීය වෙළඳපොල තුළ ලිහිසි තෙල් තොග සීමිත තත්ත්වයක් ඇති වුවද එයින් ඔවුනට බලපෑමක් සිදු නොවනු ඇත.
එමෙන්ම මෙම සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් ලෙස Audi මෝටර් රථ හිමියන්ට ඉහළම සේවාවක් සැපයීම සඳහා Castrol විසින් අති නවීන Lubricant Dispensing පද්ධතියක් වත්තල පිහිටි Drive One සේවා මධ්‍යස්ථානයේ ස්ථාපනය කර ඇත.
Castrol - Audi සහයෝගීතාවය සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාව සඳහා AMW සමාගම නියෝජනය කරමින් එහි කළමනාකාර අධ්‍යක්ෂක පීටර් මැකෙන්සි, BP Castrol ලිහිසි තෙල් අංශයේ ප්‍රධානී චරිත් පණ්ඩිතරත්න ඇතුළු පිරිසක් සහ Drive One සමාගම නියෝජනය කරමින් එහි කළමනාකාර අධ්‍යක්ෂක හිරාන් ද සිල්වා, අධ්‍යක්ෂක නිමන්ත හතරසිංහ යන මහත්වරු සහභාගී වූහ.
AMW සමාගම සහ Drive One සමාගම මෙම කීර්තිමත් සහයෝගීතාවය අඛණ්ඩවම ශ්‍රී ලාංකික වෙළඳපොල වෙනුවෙන් පවත්වා ගෙන යාමට හැකි වීම පිළිබඳව ඉතා සතුටට පත් වෙන අතර විශේෂයෙන්ම වර්තමානයේ පවතින අභියෝගාත්මක තත්ත්වය නිසා ඒ හරහා පෙරටත් වඩා වැදගත් ක්‍රමෝපායික වාසි අත්වනු ඇති බවට විශ්වාසය පළ කරයි.
ඡායාරූපය (වමේ සිට දකුණට) - සාලින්ද රත්නායක, සහකාර විකිණුම් කළමනාකරු, BP Castrol, චරිත් පණ්ඩිතරත්න, ප්‍රධානී BP Castrol, පීටර් මැකෙන්සි, කළමනාකාර අධ්‍යක්ෂක - AMW Group, හිරාන් ද සිල්වා, කළමනාකාර අධ්‍යක්ෂක - Drive One, නිමන්ත හතරසිංහ, අධ්‍යක්ෂක - Drive One.
Video Story