October, 31, 2022
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සපයන්නකු වූ එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනය, සිය 105 වන සංවත්සරය නිමිත්තෙන් පවත්වන සමාජ සුභසාධන වැඩසටහන්වලට සමගාමීව නොමිලයේ සෞඛ්‍ය කඳවුරක් පසුගියදා මාලඹේ ශාඛා පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී.
එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනයේ කාර්ය මණ්ඩලය විසින් සෞඛ්‍ය කඳවුර තුළ රෝගීන් සිය ගණනකගේ අක්ෂි සහ ශ්‍රවණ පරීක්ෂාවන් සිදු කරන ලදී. මූලික අක්ෂි සහ ශ්‍රවණ පරීක්ෂණ වලට අමතරව, රෝගීන්ගේ රුධිර සීනි, රුධිර පීඩනය සහ ශරීර ස්කන්ධ දර්ශකය (BMI) ද පරීක්ෂා කරන ලදී. එදින සියලූම රෝගීන්ට ඇස් කණ්ණාඩි සහ ශ්‍රවණ උපකරණ සඳහා විශේෂ වට්ටම් ද ලබා ගත හැකි විය.
මෙහිදී අදහස් දක්වමින් එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ රජීව් රාජපක්ෂ මහතා පැවසුවේ, ”සෑමවිටම පාරිභෝගිකයන්ට ගුණාත්මක අක්ෂි සහ ශ්‍රවණ සත්කාර සේවාවන් ලබාදීම අප ආයතනයේ මූලික අරමුණයි. ආයතනයේ 105 වන සංවත්සරය සමරන මේ වසරේ, අපගේ මාලඹේ ශාඛාවේ සංවිධානය කළ මෙම සෞඛ්‍ය කඳවුර මගින් රෝගීන් විශාල සංඛ්‍යාවකට ඔවුන්ගේ අක්ෂි සහ ශ්‍රවණ පරීක්ෂාවන් පමණක් නොව අනෙකුත් මූලික සෞඛ්‍ය පරීක්ෂාවන්ද සිදු ගැනීමට හැකියාව ලැබුණා. මෙම සෞඛ්‍ය කඳවුර සාර්ථකව පැවැත්වීමට සහාය දැක් වූ අපගේ කණ්ඩායමට මම ස්තූතිවන්ත වනවාx ඒ වාගේම, 105 වන සංවත්සරය සැමරීම සඳහා සියලූම එරික් රාජපක්ෂ ප්රදර්ශනාගාර වලින් ඇස් කණ්ණාඩි රාමු සහ අව් කණ්ණාඩි සඳහා 40% දක්වා වට්ටම් ලබාදීමට අප සූදානම්.”
එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනයේ සියළුම ශාඛාවන් මනා වෘත්තීයමය පුහුණුවක් ලැබූ සේවක මඩුල්ලකින් සමන්විත වන අතර, සෑම වයස් කාණ්ඩයකම පාරිභෝගිකයන් සඳහා උසස් වර්ගයේ අක්ෂි හා ශ්‍රවණ නිපැයුම් පහසු මිල ගණන් යටතේ ලබා ගැනීමේ හැකියාව පවතී. Porsche Design, Mont Blanc, Michael Kors, Vogue, Ray Ban, Prada, Gucci, Polo Ralph Lauren,Polar Sun, CHE වැනි ජාත්‍යන්තර සන්නාමයන්ගේ ඇස් කණ්ණාඩි සහ අව් කණ්ණාඩි මාදිළි රැසක්ද, තත්වයෙන් ඉතාමත් උසස් ප්‍රංශයේ Essilor කාච ඇතුළු විවිධ වර්ගයේ ඇස් කණ්ණාඩි කාච ද එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනය වෙතින් ලබා ගැනීමේ හැකියාව තිබේ. මෙහිදී පාරිභෝගිකයින්ට ඩෙන්මාකයේ නිෂ්පාදිත ලොව ප්‍රචලිත Beltone ශ්‍රවණාධාර ඉතාම පහසු මිලකට මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ.

Video Story