• Ada Derana BIZ Sinhala
  • down
  • Gold
  • Price
  • sri lanka

රන් මිල පහළට

November, 2, 2022

කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 156,400 ක් දක්වා පහළ බැස ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර කැරට් 24 රන් පවුමක මිල සටහන්ව ඇත්තේ රු. 169,000 ක් ලෙසයි.

මෙය පසුගිය මාර්තු මාසයෙන් පසු, එනම් ඩොලරයේ අගය ඉහළ යාමෙන් පසු වාර්තා වූ අඩුම මිල බව Gold Ceylon සඳහන් කරයි.

2022 අප්‍රේල් මාසයේ දී කැරට් 22 රන් පවුමක මිල රු. 175,000 සීමාව සහ කැරට් 24 රන් පවුමක මිල මිල රු. 190,000 සීමාව ඉක්මවා ගොස් තිබුණි.

ගෝලීය වෙළෙඳපොළේ රන් මිලෙහි ද පහළ යාමක් මේ අතරම වාර්තා වේ.

ඊයේ (01) වන විට ගෝලීය වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 1,650 සීමාවෙන් පහළට පැමිණ තිබුණි.

Video Story

Stock Market

Exchange Rates