ශ්‍රී ලංකාවේ බැඳුම්කර ශ්‍රේණිය පහළට

    November, 4, 2022

    ශ්‍රී ලංකාවේ ස්වෛරී බැඳුම්කර ශ්‍රේණිය 'CC' සිට 'D' දක්වා  පහළ දැමීමට ගෝලීය ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනයක් වන S&P Global ඊයේ (03) පියවර ගෙන තිබේ.

    2022 සැප්තැම්බර් 14 සහ සැප්තැම්බර් 28 යන දිනවලදී ගෙවිය යුතු පොලී මඟහැරීම හේතුකොට ගෙන මෙම පියවර ගැනීමට S&P Global පියරව ගෙන ඇත.

    “පොලී ගෙවිය යුතු දින සිට දින 30ක් ඇතුළත මේ සඳහා ගෙවීම් සිදුකරනු ඇතැයි අපි අපේක්ෂා නොකරමු“ යනුවෙන් S&P Global  මෙහිදී සඳහන් කර ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates