• Ada Derana BIZ Sinhala
  • reserves
  • sri lanka

සංචිත නොසන්සුන්

November, 5, 2022

2022 ඔක්තෝබර් මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,704 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. කෙසේවෙතත් මෙය 2022 සැප්තැම්බර් මාසය අවසානයේ දී පැවති ඩොලර් මිලියන 1,779 ක්වූ සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 4.2%ක පහළ යාමක් වේ.

මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත වන ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2022 ඔක්තෝබර් මාසය තුළ දී ඩොලර් මිලියන 1,683 සිට ඩොලර් මිලියන 1,609 ක් දක්වා 4.4% කින් අඩු වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ මෙම විදේශ විනිමය සංචිතය තුළ, චීන මහජන බැංකුවෙන් ලද එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5කට සමාන විදේශ විනිමය හුවමාරු පහසුකම අන්තර්ගත බවත්, එය භාවිත කිරීම යම් කොන්දේසිවලට යටත් බවත්ය.

 

 

Video Story

Stock Market

Exchange Rates