November, 8, 2022
ඉන්ධන ආනයන වියදමෙන් ලද දායකත්වය විශාල වශයෙන් ඉහළ යෑමත් සමඟ, 2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී අන්තර් භාණ්ඩ ආනයන වියදම, 2021 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 7.7කින් ඉහළ ගියේය.
2021 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදිත ආනයන පරිමාවන් සහ මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් බොර තෙල්, පිරිපහදු කළ ඛනිජ තෙල් සහ ගල් අඟුරුවලින් සමන්විත ඉන්ධන ආනයන වියදම, 2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී සියයට 87.3කින් ඉහළ ගියේය.
2022 වසරේ ජූනි මාසයේ සිට ගල් අඟුරු ආනයන පරිමාව අඛණ්ඩව අඩු මට්ටම්වල පැවතුණි.
Video Story