November, 9, 2022
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3ෘ, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේදී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාකාර අධ්යක්ෂ ජානක ෆොන්සේකා මහතා, විෂන් කෙයා හි සාමාන්‍යාධිකාරී හර්ෂ මධුරංග මහතා සහ විෂන් කෙයා හි මූල්‍ය සාමාන්‍යාධිකාරී හිරන්ති පෙරේරා මහත්මිය ඇතුළු විෂන් කෙයා කාර්ය මණ්ඩල සාමාජිකයින් සහභාගි වන ලදී.
මෙරට ප්රමුඛ පෙළේ රෝහල් ජාලයක් වන මෙඩිහෙල්ප් රෝහල් ජාලය අක්ෂි ශල්‍ය වෛද්‍ය උපදේශන සේවාද ඇතුළුව පුළුල් පරාසයක සෞඛ්‍ය සේවා සපයයි. මෙඩිහෙල්ප් රෝහල් ජාලයේ අක්ෂි සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම සඳහා විෂන් කෙයා ආයතනය මෙඩිහෙල්ප් රෝහල් ජාලය සමඟ සහයෝගීතාවයකට එළඹී ඇති අතර රට පුරා පිහිටි මෙඩිහෙල්ප් රෝහල් වෙත සිය සේවාවන් ලබා දීමට බලාපොරොත්තු වෙයි.
වඩා ඉඩකඩ සහිතව පිහිටා ඇති මෙම නව ශාඛාව හරහා අතුරුගිරිය ප්‍රදේශයේත් ඒ අවටත් සිටිනා සියළුම පාරිභෝගිකයන් හට ඉහළ තත්ත්වයේ අක්ෂි රෝග පරීක්ෂණ සේවා, සහ ශ්‍රවන පරීක්ෂණ ලබා ගැනීමට හැකි වනු ඇත. වේ. විෂන් කෙයා හි මනා පුහුණුව ලත්, ඉහළ පළපුරුද්දක් ඇති වෘත්තීයවේදීන් විසින් ප්‍රවීණ ලෙස හසුරුවනු ලබන අති නවීන අක්ෂි සත්කාර උපකරණ වලින්ද මෙම ශාඛාව සමන්විතය. ඍ්හ-ඊ්බල ඪදටමැල ක්්රරුර්ල ෑපචදරසද ්රප්බසල ඔදපපහ ්යසකසෙටැර වැනි ජාත්‍යන්තර සන්නාම රැසක් යටතේ අවශ්‍යතාවයට ගැළපෙන ලෙස විවිධ රටාවේ, නවීන මාදිලියේ, විවිධ හැඩයේ ඇස් කණ්ණාඩි සහ අව් කණ්ණාඩි, අක්ෂි කාච මෙන්ම ශ්‍රවණාධාරක ද මෙම නව අතුරුගිරිය ශාඛාව මඟින් ලබා ගැනීමට හැකියාව තිබේ.
වසර 30ක් පුරාවට ශ්‍රී ලාංකික අක්ෂි සෞඛ්‍ය ක්ෂේත්රයේ උසස් තාක්ෂණය උපයෝගී කරගත් නවීන යන්ත්‍රෝපකරණ භාවිතා කරන පුරෝගාමියා ලෙසින් විෂන් කෙයා ආයතනය සෑම විටම සිය පාරිභෝගිකයන් හට ඉහළ තත්ත්වයේ අක්ෂි සහ ශ්‍රවණ සත්කාර සේවා ලබාදීමට කටයුතු කරයි. සෑම විෂන් කෙයා ශාඛාවකින්ම ඔබට ලොව ප්‍රචලිත ඇස් කණ්ණාඩි, අක්ෂි කාච සහ අව් කණ්ණාඩි සන්නාම ඉතාම පහසු මිල ගණන් යටතේ මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ.

ඡායාරූප ශීර්ෂ පාඨය - විෂන් කෙයා හි කළමනාකාර අධ්යක්ෂ ජානක ෆොන්සේකා මහතා, විෂන් කෙයා හි සාමාන්‍යාධිකාරී හර්ෂ මධුරංග මහතා සහ විෂන් කෙයා හි මූල්‍ය සාමාන්‍යාධිකාරී හිරන්ති පෙරේරා මහත්මිය විසින් නව ශාඛාව විවෘත කරන අවස්ථාව
Video Story