November, 9, 2022
සමස්ත ආර්ථිකය ආවරණය කෙරෙන පරිදි කාර්යක්ෂම වූ ප්‍රතිසංස්කරණ දිගු කාලීන වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ පැවති දුර්වල කැපවීමෙහි අවසාන ප්‍රතිඵලයක් ලෙස ඇති වූ ගැඹුරින් මුල් බැසගත් ව්‍යූහාත්මක දුර්වලතා පදනම් කර ගෙන ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටලු උද්ගත වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
“මෑත කාලීන ආර්ථික ප්රවණතා - 2022 සුවිශේෂී සිදුවීම් සහ 2023 අපේක්ෂා“ ප්රකාශනය නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කරන අතර එම වාර්තාවෙහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩසටහන මගින් ඉතා අත්‍යාවශ්‍ය වන සහ දිගු කාලයක් මුළුල්ලේ නොසලකා හරින ලද ව්‍යූහාත්මක වෙනස්කම් කාලෝචිත හා වඩාත් විධිමත්ව සිදුකිරීමට අවස්ථාවක් ලබා දෙනු ඇති අතර, එය වඩාත් ස්ථාවර සහ තිරසාර වර්ධන මාවතක් කරා ආර්ථිකය යොමු කිරීම කෙරෙහි උපකාරී වනු ඇත. කෙසේවෙතත්, ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දෙමින් සිටින පෙර නොවූ අන්දමේ ආර්ථික අර්බුදය සහ වර්ධනය වන විවිධ තත්ත්වයන් හමුවේ කඩිනම් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග අවහ්‍ය වන විවිධ අංශවල ඇතිවිය හැකි අවිනිශ්චිත හේතුවෙන්, කෙටි කාලීනව ආර්ථිකය අපේක්ෂිත යථා තත්ත්වයට පත්වීම කෙරෙහි අභියෝග රැසකට මුහුණ දෙනු ඇත.
Video Story