November, 10, 2022
එළඹෙන නොවැම්බර් 20 වන දා ආරම්භ වීමට නියමිත FIFA පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් පැමිණෙන ප්‍රේක්ෂකයින් හට සත්කාරකත්වය සැලසීම සඳහා අධිසුඛෝපභෝගී මගී නෞකා 3 ක් සූදානමින් සිටී.
මෙහි පළමුවැන්න වන MSC World Europa මගී නෞකාව අද (10) දිනයේ දී කටාර් හි Old Doha Port වෙත සේන්දු වී තිබේ.
තට්ටු 22 කින් යුක්ත මෙම මගී නෞකාව නොවැම්බර් 13 වන දින නිල වශයෙන් අමුත්තන් වෙනුවෙන් විවෘත වනු ඇත.
මෙය පාපන්දු ලෝක කුසලාන පාපන්දු ලෝලීන් 6,700කට නවාතැන් ගත හැකි මගී නෞකාවක් වන අතර කුටි (cabins) 2,626 කින් එය සමන්විත වේ.
වර්ග මීටර 40,000 ක පොදු ඉඩ ප්‍රමාණයකින් එය යුක්තය.
මෙහි දෙවැනි නෞකාව නොවැම්බර් 14 දින පැමිණීමට නියමිතය. මෙම නෞකා ත්‍රිත්වය පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන කාලසීමාව පුරාවට Doha හි නැංගුරම්ලා සිටිනු ඇත.
Video Story