November, 14, 2022
ක්‍රීඩා ආශ්රිත සංචාරක කර්මාන්තය සඳහා වන ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රචලිත කිරීම සඳහා White Water Rafting වැනි ත්‍රාසජනක ක්‍රීඩා ප්‍රවර්ධනයට අවශ්‍ය පහසුකම් සැලසීමට තමන් යෝජනා කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මුදල් අමාත්‍යවරයා ලෙස 2023 අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ යෝජනවා ඉදිරිපත් කළේය.
සංචාරක කර්මාන්තය, සමුද්‍රීය සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා.
අලුත් වැඩසටහන් කිහිපයක් සංචාරක ඇමතිතුමා ඉදිරිපත් කරයි.
අපි මේ අංශයට අවධානය යොමුකරලා තියෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 50ක් එන අවුරුද්දට වෙන් කරලා තියෙනවා.
ක්‍රීඩා ආශ්රිත සංචාරක කර්මාන්තය සඳහා වන ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රචලිත කිරීම සඳහා ජලය මත ලිස්සා යෑම, White water rafting වැනි ත්‍රාසජනක ක්‍රීඩා ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට මා යෝජනා කරනවා.
කෑගල්ල රුවන්වැල්ල ප්‍රදේශයේ මෙය විශාල ආදායමක් මර්ගයක් බවට පත්වෙලා තිබෙනවා.
Video Story