අර්බුදයෙන් ගොඩඑන්න සැලසුමක් තිබෙනවා ද?

    November, 14, 2022

    ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන්  ගොඩ එන්නේ කෙසේ ද යන්න පිළිබඳව කිසිදු ලේඛනගත ඉදිරිපත් කිරීමක් මේ වන තෙක් ජනතාව වෙත ලැබී නොමැති බව 2023 අයවැය පිළිබඳ පැවති විශේෂ සාකච්ඡාවක් අතරතුර දී අනාවරණය විය.

    ඒ පිළිබඳව අදහස් දක්වමින් වෙරිටේ රිසර්ව් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මෙල් මහතා පවසා සිටියේ අවුරුදු 10ක් 15ක් වැනි කාලයක් තුළ ආණ්ඩුව කිසිදු සැලසුම්ගත ලේඛනයක් ඉදිරිපත් කර නොමැති බවත් තොරතුරු දැනගැනීමේ නීතියට යටත්ව එවැනි ලේඛනයක් ඉල්ලුවද, එවැනි ලේඛන කිසිවක්, කිසිවෙකුට ලැබී නොමැති බවත්ය.

    "ඉස්සෙල්ලම අපි කතා කරන්න ඕන මම හිතන්නේ, කෙටි කාලීනව අද තියන ප්‍රශ්න වලින් ගොඩ එන්න අපිට යම් කිසි plan එකක් තියනව ද, කියලා. plan එකක් තියනවනම් අපි ඒක දැකලා නැහැ. අයවැයක් කියන්නේ ප්‍රතිපත්ති කිහිපයක් හැබැයි ඒ ප්‍රතිපත්ති වලින්, දැන් plan එකක් කියන එකයි ටාර්ගට් එකක් කියන එකයි වෙනස්. අවුරුදු 10ක් 15ක් තුළ අපි එහෙම plan දැකලා නැහැ. ආණ්ඩුව එහෙම plan ඉදිරිපත් කරන්නේ නැහැ. හොයාගෙන ගියාම, අපි තොරතුරු දැනගැනීමේ නිතීය උඩ ඉල්ලුවාහම එහෙම plan ලැබෙන්නෙත් නැහැ. ඒතකොට අපිට උපකල්පනය කරන්න වෙන්නේ එහෙම plan ඇත්තටම නැහැ කියලා."

    Video Story

    Stock Market

    Exchange Rates