• Ada Derana BIZ Sinhala
  • sri lanka
  • Telecom

ටෙලිකොම් කොටස් මිල 12%කින් නගී

November, 15, 2022

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සන්නිවේදන සමාගමක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි කොටස් මිල අද (15) දිනය තුළ දී 12.83%ක ඉහළ යාමක් වාර්තා කරන ලදී.

ඊයේ (14) දිනයේ දී රු. 63.90 ක් ලෙස පැවති ටෙලිකොම් සමාගමේ කොටස් මිල අද දිනයේ දී රු. 8.20 කින් ඉහළ ගිය අතර අද දින ටෙලිකොම් කොටසක අවසන් ගනුදෙනු මිල මේ අනුව රු. 72.10 ක් ලෙසින් සටහන්ව තිබුණි. එසේම අද දිනයේ දී රු. 77.00 ක්වූ ඉහළ මිලකට ද ටෙලිකොම් සමාගමේ කොටස් ගනුදෙනු වී තිබෙනු නිරීක්ෂණය කළ හැකිය.

ඊයේ (14) දිනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය අයවැය කතාවේ දී ප්‍රතිව්‍යූහගත කළ යුතු රාජ්‍ය ව්‍යවසායයන් ලැයිස්තුවක් ඉදිරිපත් කළ අතර ඒ අතර ටෙලිකොම් සමාගම ද විය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී යනු පාඩු ලබන රාජ්‍යය ව්‍යයවසායයක් නොව ලාභ ලබන ආයතනයක් වන අතර 2022 ජනවාරි - සැප්තැම්බර් කාලපරිච්ඡේදය සඳහා සමාගම වාර්තා කර ඇති බදු ගෙවීමන් පසු ශුද්ධ ලාභය රු. බිලියන 9.32 ක් වේ. පසුගිය 2022 ජූලි - සැප්තැම්බර් කාර්තුව තුළ පමණක් සමාගම රු. මිලියන 989 ක බදු පසු ලාභයක් වාර්තා කර ඇත.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ වැඩිම කොටස් හිමිකාරීත්වයක් මහා භාණාඩාගාරය සතු වන අතර එය ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 49.50% කි. එසේම 44.98% ක කොටස් හිමිකමක් Global Telecommunications Holdings NV සතු වන අතර සේවක අර්ථ සාධක අරමුදල සතුව 1.40% ක කොටස් අයිතියක් පවතී.

මේ අතර අද (15) අද දෙරණ

"ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ඩයලොග් ඒ ආයෝජනයට සරිලන ලෙස ලාභයක් උපයනව ද? අනිත් එක ශ්‍රී ලංකා ටෙලිකොම් කියන්නේ විශාල සමාගමක්. ඒක දැනටත් 44% ක් විදේශ ආයෝජකයෙක් සතුයි. මම හිතන්නේ තව 10% ක් විතර ඒ සමාගමට නැත්තන් වෙනත් පුද්ගලික ආයතනයකට දීලා මේකේ අපි කළ යුත්තේ ඒකේ කළමනාකාරීත්වය දේශපාලන ඇගිලි ගැහීම් වලින් ඉවත් කිරීම."

Video Story

Stock Market

Exchange Rates