November, 21, 2022
රජය 2022 අතුරු අයවැය යටතේ අගය එකතු කිරීම සහ පසු අස්වනු හානි අවම කිරීම සඳහා ඇසුරුම්කරණය ප්‍රමුඛතාවයක් ලෙස හඳුනාගෙන ඇත. ඒ අනුව රට තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ දේශීය ඇසුරුම් නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවයට පිළියම් යෙදීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය යටෙත් පවතින ශ්‍රී ලංකා ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය නැවත සක්‍රීය කළ යුතු බව රජය විසින් හඳුනාගෙන ඇත. දේශීය ඇසුරුම් නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා වන 2022 අතුරු අයවැයේ අංක 32 යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා 2022 සැප්තැම්බර් 28 වැනි දින ජනාධිපති කාර්යාලයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (ආර්ථික කටයුතු) ගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේ දී ඒ සම්බන්ධ ඉදිරි කයටුතු සාකච්ඡා කෙරිණි.
Profood, Propack සහ Ag-biz 2022 ප්‍රදර්ශනය සදහා ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය මගින් සංවිධානය කළ ප්‍රදර්ශන මණ්ඩපයට භාණ්ඩ ඇසුරුම් අංශය සඳහා උනන්දුවක් දක්වන විශාල පිරිසකගේ ආකර්ෂණය හිමිවිය. කර්මාන්ත අමාත්‍යාංශය, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සහ රාජ්‍ය ආයතන එකොළහක සහයෝගීතාවය ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය වෙත හිමිවූ අතර නොවැම්බර් 18 සිට 20 දක්වා BMICH පරිශ්‍රයේ දී ප්‍රදර්ශනය පැවැත්විණි.
තල් සංවර්ධන මණ්ඩලය, ජාතික නිර්මාණ මධ්‍යස්ථානය, ජාතික ශිල්ප සභාව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය, කාර්මික සංවර්ධන මණ්ඩලය, ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, මොරටුව විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය, ශ්‍රී ලංකා පසු අස්වනු තාක්ෂණ ආයතනය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ජාතික ඇසුරුම් මණ්ඩපයේ සහයෝගයෙන් කටයුතු කළ අතර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අගය එකතු කළ ඇසුරුම් සේවා පිළිබඳ මෙවලම් සහ දැනුම ලබා දීම සඳහා සම්මන්ත්‍රණ මාලාවක් ද පවත්වන ලදී.

ප්‍රදර්ශනයේදී ජාතික ඇසුරුම් මණ්ඩපය විවෘත කිරීම

Video Story