මරුටි ලියාපදිංචිය 31% කින් අඩුවෙලා

    January, 25, 2016

    2015 දෙසැම්බර් මාසයේ දී මෙරට තුළ මරුටි වර්ගයේ මෝටර් රථ ලියාපදිංචිය 31% කින් පහළ බැස ඇතැයි වාර්තා වේ. පසුගිය නොවැම්බර් මාසයේ දී මෙරට තුළ මරුටි රථ 5,631 ක් ලියාපදිංචි කර ඇති අතර දෙසැම්බර් මාසයේ දී එය 3,882 දක්වා මේ අනුව අඩු වී තිබේ.

    2015 සැප්තැම්බර් මාසය තුළ දී මෙතෙක් වාර්තා වී තිබෙන වැඩිම මරුටි රථ ලියාපදිංචිය වාර්තා වන අතර එය ඒකක 8,029 කි.

    මේ අතර පසුගිය දෙසැම්බර් මාසයේ දී ලියාපදිංචි කර තිබෙන සම්පූර්ණ මෝටර් කාර් ප්‍රමාණය 7,177 ක් ලෙසින් වාර්තා වන අතර එය නොවැම්බර්යේ දී ලියාපදිංචි කර තිබූ මෝටර් කාර් ප්‍රමාණය වූ 10,084 හා සැසඳීමේ දී 29% ක පහළ යාමකි.

    2015 දෙසැමර්බර් මාසය තුළ ලියාපදිංචි කර තිබෙන ත්‍රී රෝද රථ ප්‍රමාණය 10,480 ක් ලෙසින් වාර්තා වන අතර නොවැම්බරයේ දී එම ප්‍රමාණය 13,668 ක් විය. මෙය 23% ක අඩුවීමකි.

    කෙසේවෙතත් දෙසැම්බර් මාසය තුළ ලියාපදිංචි කර තිබෙන මෝටර් බයිසිකල් ප්‍රමාණය 30,241 ක් ලෙසත්, නොවැම්බර් මාසයේ දී එය 31,262 ක් ලෙසත් වාර්තා වේ. මෙය 3% ක පමණ සුළු පහළ යාමක් ලෙසින් දැක්විය හැකිය.

    2015 නොවැම්බර් මාසය තුළ මෙරට ලියාපදිංචි කර තිබෙන සම්පූර්ණ වාහන ප්‍රමාණය 61,864 ක් වන අතර එය දෙසැම්බර් මාසයේ දී 54,139 දක්වා පහත වැටී ඇත. මෙය 12.5% ක පමණ අඩුවීමකි.

    JB සිකියුරිටීස් ආයතනය විසින් කළ සමීක්ෂණ වාර්තාවකින් මෙම කරුණු අනාවරණය කර තිබේ.

    Video Story

    Stock Market

    Exchange Rates