• Ada Derana BIZ Sinhala
  • Hareen franado
  • sri lanka
  • tourism

2024 දී ලක්ෂ 30ක සංචාරක ඉලක්කයක් – හරීන්

December, 1, 2022

එළඹෙන 2023 වසරේ දී ලක්ෂ 15 ක සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් 2024 දී එම ඉලක්කය ලක්ෂ 30 ක් බවත් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අද (01) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

“මේ අවුරුද්ද අවසානය වෙද්දී අපේ ඉලක්කය තිබ්බේ ලක්ෂ 8ක සංචාරකයෝ ගෙන්න ගන්න.මම විශ්වාස කරනවා අද වෙනකොට දෙසැම්බර් පළවෙනිදා ලක්ෂ හත හමාරක් වෙන්න තව ලක්ෂයක්, එකයි විස්සක් විතර තව ඕන වෙනවා අපිට. හැබැයි මට විශ්වාසයි දෙසැම්බර් මාසය කියන්නේ ලංකාවේ පිටරට හිටපු අපේ ඩයස්පෝරාව, ඔවුන් අවුරුදු දෙක තුනකට  ලංකාවට ඇවිත් නැහැ. මේ දෙසැම්බර් මාසයේ අපිට විශාල සංචාරකයෝ ප්‍රමාණයක් ලංකාවට එන මාසයක් බවට පත්වෙයි. ජනවාරි පෙබරවාරිවල දැනටම බුකින් ඉතාමත්ම හොඳින් ලැබිලා තියෙනවා කියලා අපිට දැනගන්නට ලැබෙනවා. 2023 අපේ ඉලක්කය ලක්ෂ 15 දක්වාත්, 2024 දී ලක්ෂ 30 ක් දක්වාත්, සම්පූර්ණ ජම්ප් එකක් ගන්න, ඒ ජම්ප් එක ගන්න අවශ්‍ය අවුරුද්ද වෙන්නේ 2023.“