• Ada Derana BIZ Sinhala
  • Maldives
  • sri lanka

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුමක්

December, 6, 2022

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ආගමන කටයුතු සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළඹීම

ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර ද්විපාර්ශ්වික සබඳතාවලදී ආගමන කටයුතු වෙනුවෙන් සහයෝගිතාවය සඳහා රාජ්‍යයන් දෙක අතර අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීමට යෝජනා වී ඇත.
ඒ අනුව, අනෝන්‍ය ප්‍රතිලාභ සඳහා ප්‍රත්‍යන්ත සීමා පාලන කළමනාකරණයට සහාය වීම, මානව සම්පත් පද්ධති හා තාක්ෂණ යන අංශවල හැකියාවන් වර්ධනයට අනෝන්‍ය පහසුකම් සැපයීම, ආගමන නිලධාරින් අතර පුහුණු පහසුකම් හුවමාරුව, අවිධිමත් සංක්‍රමණය, මිනිස් ජාවාරම හා පුද්ගලයන් වෙළෙඳාම වැනි අන්තර්ජාතික අපරාධ වැළැක්වීම සහ අසාධු ලේඛනගත මගීන් පිළිබඳ ගැටලුවලට අදාළ සහයෝගිතාව ප්‍රවර්ධනය යන අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස දෙරට අතර ආගමන කටයුතු පිළිබඳ සහයෝගිතාව වැඩිදියුණු කිරීම සහ ශක්තිමත් කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Video Story

Stock Market

Exchange Rates