• Ada Derana BIZ Sinhala
  • External Sector Performance
  • October
  • sri lanka

2022 මාස දහයට දෙලක්ෂ පනස්දාහක් රට රස්සාවලට ගිහින්

December, 6, 2022

2022 ඔක්තෝබර් මාසය තුළ දී 28,473 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදෙස්ගත වී ඇති බව වාර්තා වේ. මෙයින් 11,399 ක් නුපුහුණු ශ්‍රමිකයින් වන අතර, පුහුණු ශ්‍රමිකයින් 7,887 ක් සහ ගෘහ සේවා සඳහා 6,165 ක්ද ඒ අතර වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2022 ඔක්තෝබර් මාසය තුළ වාර්තා වන විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 355 ක් බවයි.

මේ අතර 2022 වසරේ ජනවාරි - ඔක්තෝබර් කාලපරිච්ඡේදය තුල දී 251,151 ක පිරිසක් රැකියා සඳහා විදෙස් ගත වී ඇති බව මහ බැංකුව නිකුත් කළ අදාළ වාර්තාවෙහි වැඩිදුරටත් සඳහන් වේ.

මහ බැංකුව පවසන්නේ මෙය වසංගත සමයට පෙර වාර්ෂිකව රැකියා සඳහා විදෙස්ගත වූ ප්‍රමාණය ඉක්මවා යාමක් බවයි.

2022 ජනවාරි - ඔක්තෝබර් කාලය තුළ දී ලැබී ඇති සමස්ත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 2,929 කි. 2021 වසරේ දී අදාළ කාලපරිච්ඡේදය සඳහා මෙම වටිනාකම ඩොලර් මිලියන 4,895 ක් ලෙසින් වාර්තා වී තිබුණි.

Video Story

Stock Market

Exchange Rates