December, 8, 2022
ලැයිස්තුගත සමාගම් 6 ක කොටස් ගනුදෙනු අද (2022 දෙසැම්බර් 08) දින සිට අත්හිටුවීමට කොළඹ කොටස් වෙළෙඳපොළ තීරණය කර තිබේ.
ඒ අනුව පැරගන් සිලෝන්, සිලෝන් ප්‍රින්ටර්ස්, හුනාස් හෝල්ඩිංග්ස්, ටෙස් ඇග්‍රෝ, ඔෆිස් ඉක්වීප්මන්ට් සහ සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් යන ලැයිස්තුගත සමාගම් 6 හි කොටස් ගනුදෙනු අද දින සිට අත්හිටුවා ඇත.
2022 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂයට අදාළ වාර්ෂික වාර්තා ඉදිරිපත් නොකිරීම මීට හේතු වී තිබේ.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සමාගම පවසන්නේ සිය අනුබද්ධිත සමාගමක විගණන කටයුතු අවසන් කිරීමට නොහැකි වීමෙන් සමූහයේ ඒකාබද්ධ ගිණුම් සම්පූර්ණ කිරීමට නොහැකි වී ඇති බවයි. මේ හේතුවෙන් 2022 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව නිකුත් කිරීමට ප්‍රමාද වන බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

Video Story