• Ada Derana BIZ Sinhala
  • Central Bank
  • dollar
  • Gold
  • increased
  • sri lanka

මහ බැංකුවේ රන්, ඩොලර් සංචිත වැඩි වුණේ මෙහෙමයි

December, 8, 2022

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල ඉහළ යාමක් පසුගිය නොවැම්බර් මාසයේ දී වාර්තා වේ.

ඒ අනුව 2022 නොවැම්බර් මාසය අවසානයේ දී නිල සංචිත වත්කම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,804 ක් ලෙසින් සටහන්ව ඇත. මෙය 2022 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ තිබුණු ඩොලර් මිලියන 1,705 ක් වූ නිල සංචිත වත්කම් වටිනාකමට සාපේක්ෂව 5.8% ක වර්ධනයක් වේ.

මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2022 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 1,610 සිට ඩොලර් මිලියන 1,732 ක් දක්වා 7.6%කින් වැඩි වී ඇත.

මේ අතර රන් සංචිතය ද 2022 නොවැම්බර් මාසය තුළ දී ඩොලර් මිලියන 25 සිට ඩොලර් මිලියන 27 ක් දක්වා 8.3% කින් ඉහළ ගොස් තිබේ.