දෙසැම්බර් මුල් සතියේ දී සංචාරකයින් 16,000 ක් ශ්‍රී ලංකාවට

    December, 12, 2022

    2022 දෙසැම්බර් 01-07 සතිය තුළ දී විදෙස් සංචාරකයින් 16,169 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තා මගින් අනාවරණය කර සිටී.

    මෙම දින හතෙ හි දෙසැම්බර් 06 වන දා හැරෙන්නට සෙසු සෑම දිනයක දීම 2,000 ඉක්මවූ සංචාරකයින් සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇති අතර දෙසැම්බර් 01, 02 සහ 03 යන දිනවල එක් එක් දිනයෙහි පැමිණි සංචාරකයින් ප්‍රමාණය 2,500 සීමාව ඉක්මවා තිබීම විශේෂත්වයකි.

    මෙහිදී 3,404 ක් වූ වැඩිම සංචාරකයින් ප්‍රමාණය රුසියාවෙන පැමිණ ඇති අතර දෙවනුවට ඉන්දියාවෙන් 2,586 ක සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත.

    මෙම සංඛ්‍යාවත් සමඟින් 2022 වසරේ දෙසැම්බර් 07 දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 644,186 ක් වේ.

     

    Video Story

    Stock Market

    Exchange Rates