ඩොලරය 200 තියාගන්න ගිහින් බිලියන 6-7ක් නැති කර ගත්තා – රංජිත් සිංයඹලාපිටිය

    December, 13, 2022

    අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයාගේ සමයේ ඩොලරයක් සඳහා ස්ථාවර අගයයක් පවත්වා ගෙන යාමට කටයුතු කළ හෙයින් බිලියන 6-7 ක මුදලක් අහිමි කරගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    අද (13) පෙරවරුවේ දී අද දෙරණ BIG FOCUS සජීවී සංවාදාත්මක වැඩසටහන සමඟ එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    ප්‍රශ්නය - අජිත් නිවාඩ් කබ්රාල් හිටපු මහ බැංකු අධිපතිවරයා කියනවා එයා කරපු දේවල්ම තමයි අදත් කරන්නේ?

    පිළිතුර - නැහැ. මම විශ්වාස කරන්නේ නැහැ. මම එතුමාත් එක්ක විවාදයකට යන්න කැමති නැහැ. නමුත් එයිට වැඩිය බොහෝ වෙනස් ප්‍රතිපත්ති අපි අද ක්‍රියාත්මක කරනවා. 200 තියාගෙන ඉන්න ගිහින් තමයි ඩොලර් එක අපි තිබිච්ච බිලියන 6 ක 7 ක මුදල අපි වියදම් කර ගත්තේ.  ඒ නිසා එවැනි අනම්‍ය තීරණ  නම් අපි ගන්නේ නැහැ.

     

     

     

    Video Story

    Stock Market

    Exchange Rates