• Ada Derana BIZ Sinhala
  • Cement
  • Construction Association
  • sri lanka

සිමෙන්ති තව රු.1000 කින් අඩු කරන්න පුළුවන් – ඉදිකිරීම් සංගමයේ සභාපති

December, 15, 2022

සිමෙන්ති කොට්ටයක මිල තවත් රුපියල් 1,000 කින් අඩු කළ හැකි බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි මහතා පවසයි.

අද (15) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා සිටියේය.

ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ දේශීය සමාගම් සිමෙන්ති කොට්ටයක මිල රු. 225කින් අඩු කිරීමත් සමඟ ආනයනකරුවන්ද සිමෙන්ති මිල පහළ දැමීමට කටයුතු කළ යුතු බවයි.

"මේ සිමෙන්ති මිල මේ තරම් දුරට ගෙනියන්න රුපියල් 3,200 දක්වා ඉහළකට ගෙනියන්න මේ රටේ සිමෙන්ති මිලේ මාෆියාව කවුද, ආනයනකරුවන්.  මොනතරම් සංවාද විසංවාද ඇති වෙලා තියනව ද, මේ සිමෙන්ති මිල අඩු කරන්න කියලා. දැන් මොක ද කියන්නේ. මේ වෙනකොට රුපියල් 3,200ට තිබුන සිමෙන්ති කොට්ටය රුපියල් 2700 දක්වා අඩු වෙලා තියනවා. මේක මාෆියාවක් නෙවෙයි ද? අද මම අහනවා මේ සිමෙන්ති මිල අඩු වෙන්න රුපියල සම වෙලා ද, ඩොලර් එක අඩු වෙලා ද, TAX එක අඩු වෙලා ද, සමාජ ආරක්ෂණ බද්ද ඔබට නැද්ද, තව රුපියල් 1,000කින් සිමෙන්ති මිල අඩු කරන්න පුළුවන්."

Video Story

Stock Market

Exchange Rates