සංචාරක පැමිණීම 650,000 පසුකරයි

    December, 15, 2022

    2022 වර්ෂයේ දෙසැම්බර් 11 දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී මෙරටට පැමිණ ඇති මුළු විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 650,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

    සංචාරක සංවර්ධන අධිකාරිය පවසන පරිදි දෙසැම්බර් මාසයේ මුල් දින 11 තුළ දී විදෙස් සංචාරකයින් 25,024 ක් පැමිණ ඇති අතර ඒ සමඟම පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 653,041 ක් ලෙසින් වාර්තා වී ඇත.

    දෙසැම්බර් මුල් දින 11 තුළ දී රුසියානු සංචාරකයින් 5,200 ක් මෙරටට පැමිණ ඇති අතර එම වකවානුව තුළ දී පැමිණ ඇති ඉන්දියානු සංචාරකයින් ප්‍රමාණය 4,423 ක් වේ. මීට අමතරව එක්සත් රාජධානිය 2,295 ක්, ඕස්ට්‍රේලියාව 1,688 ක් හා ජර්මනිය 1,116 ක් ලෙසින් මෙම දින 11 තුළ දී සංචාරකයින් වැඩියෙන්ම පැමිණ ඇති අනෙක් රටවල් වේ.

     

    Video Story

    Stock Market

    Exchange Rates