December, 19, 2022
හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP) පැමිණෙන යාත්‍රා සංඛ්‍යාවේ අඛණ්ඩ වැඩිවීමත් සමඟ සහ වරායේ කාර්මික උද්‍යානෙය් සෘජු විදේශ ආයෝජන ව්‍යාපෘති රාශියක් ආකර්ෂණය කර ගැනීමත් සමඟ, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගම විසින් සිය පරිශ්‍රය තුළ තීරුබදු රහිත සාප්පුවක් පිහිටුවීමට පියවර ගෙන ඇත.
මේ සඳහා ශ්‍රී ලංකාවේ සමාගමක් වන Royale Electronics Ltd සමඟ ගිවිසුම් හුවමාරු කර ගැනීම පසුගිය දා සිදුකෙරිණි.
2023 පළමු කාර්තුව තුළ දී මෙම තීරු බදු රහිත සාප්පුව විවෘත කිරීමට නියමිතය.
“වරායට පැමිණෙන බොහෝ මගී නෞකාවල මගීන් සහ කාර්ය මණ්ඩලය රේගු/ ආගමන කලාපයෙන් ඔබ්බට ගමන් කරන්නේ ඉතාමත් කලාතුරකින්. මේ නිසා වරාය බන්ධිත ප්‍රදේශය (bonded area) තුළ දී නෞකාවල මගීන්ට සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට සාප්පු අත්දැකීමක් ලබා ගැනීම සඳහා මෙය හොඳ අවස්ථාවක් වනු ඇත“, යනුවෙන් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගම සඳහන් කරයි.
මේ අතර හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ 2023 වසරේ දී වරායට පැමිණෙන මගී නෞකා ප්‍රමාණය තුන්ගුණයකින් ඉහළ දැමීමට සැලසුම් සකස් කර ඇති බවයි.
Video Story