December, 19, 2022
ජාත්‍යන්තර රොටරි සමාජයේ සභාපති ජෙනිෆර් ජෝන්ස් මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලෙහි (UNICEF- යුනිසෙෆ්) ශී‍්‍ර ලංකා නියෝජිත කි‍්‍රස්ටියන් ස්කූග් මහතා විසින් ආර්ථික අර්බුදය නිසා ඖෂධ හිඟයකට මුහුණ පා තිබෙන මොහොතක සෞඛ්‍ය සේවා සැපයීමට කෙරෙන උපකාරයක් වශයෙන්, ලයිෆ්ලයින් ව්‍යාපෘතිය යටතේ, රුපියල් මිලියන 47ක ඖෂධ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත ලබාදෙන ලදී.
රොටරි සමාජයේ ගෝලීය ජාලය සහ ආදි සාමාජිකයින් විසින් https://lifelinesrilanka.rotary.unicef.org.au යන මාර්ගගත පරිත්‍යාග ක්‍රමය හරහා එකතුකරන ලද අරමුදල් වලින් ඇමෙරිකානු ඩොලර් 130,000 (ආසන්න වශයෙන් රුපියල් මිලියන 47) ක් වටිනා ඖෂධ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් හදිසි මිලදී ගැනීමක් ලෙස ලබා දී ඇත.
"ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රයෝජනය සඳහා අපගේ පළමු ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදීමට හැකිවීම ගැන අපි සතුටු වෙනවා” යැයි ජෙනීෆර් ජෝන්ස් මහත්මිය පැවසූවාය. ජෙනීෆර් ජෝන්ස් මහත්මිය තවදුරටත් අදහස් දක්වමින් අපට ඉතා විශේෂවූ මෙරටට සහාය වීමේ ක්‍රම සොයා ගැනීම රොටරි සමාජය විසින් අඛණ්ඩව සිදු කරනවා. ඔබගේ රටේ සැමවිටම සිනාමුසු මුහුණින් සිටින අසිරිමත් ජනතාවක් සිටිනවා. එම සිනහව අනාගතයේදී ද සුරැකීමට අප වගබලා ගත යුතුයි” යනුවෙන් ද පැවසූවාය.
මෙම ඖෂධ තොගය කාන්තාවන්ගේ දරු ප්‍රසූතිය සඳහා, වේදනා සමනය කිරීම සඳහා සහ අධික රුධිර පීඩනය ඇතුළු විවිධ ප්‍රතිකාර සඳහා ප්‍රයෝජනවත් වනු ඇත.
"අර්බුදයේ දිග්ගැස්සුනු ස්වභාවය සෞඛ්‍යය සහ අධ්‍යාපනය වැනි අත්‍යාවශ්‍ය සේවාවන් කෙරෙහි බාධාවන් ඇති කරයි. යුනිසෙෆ් ආයතනය සිය ප්‍රසම්පාදන සහ සැපයුම් විශේෂඥතාවය භාවිතා කරමින් පවුල්වල ජීවිතය සුරකින සැපයුම් ලබාදීමට සිය හවුල්කාරිත්වය යොදා ගනිමින් සිටී” යනුවෙන් පැවසූ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශී‍්‍ර ලංකා නියෝජිත කි‍්‍රස්ටියන් ස්කූග් මහතා, "ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වයේ කිසියම් දියුණුවක් ඇති වූවද, වඩාත් අවදානමට ලක්වී ඇතිි දරුවන්ගේ සහ පවුල්වල අවශ්‍යතා තීරණාත්මක මට්මමක පවතින අතර, අපගේ ආධාර තිරසරව පවත්වාගෙන යාමට සහ වැඩි කිරීමට අපට උපකාර කිරීම සඳහා අපි අපගේ බහුවිධ පාර්ශවකරුවන්ගේ සහාය අපේක්ෂා කරන්නෙමු, යනුවෙන්ද පැවසීය.
මෙම අවස්ථාව සඳහා ජාත්‍යන්තර රොටරි සමාජයේ හිටපු සභාපති කේ.ආර්. රවීන්ද්‍රන් මහතා සහ ශ්‍රී ලංකා රොටරි සමාජයේ සභාපති පුබුදු ද සොයිසා යන මහත්වරුන් ද සහභාගී වූහ. මෙහිදී අදහස් දැක්වූ ජාත්‍යන්තර රොටරි සමාජයේ හිටපු සභාපති කේ.ආර්.රවීන්ද්‍රන් මහතා, ර්ණඅපගේ වෛද්‍ය සැපයුම් වලින් 80% ක්ම ආනයනය කරන අතර, ආර්ථික අර්බුදය හේතුවෙන් විදේශ විනිමය සංචිත අඩුවීමත් සමඟ අත්‍යාවශ්‍ය ඖෂධ නොමැති වීමෙන් අපගේ සෞඛ්‍ය සේවා පද්ධතිය කඩා වැටීමට ආසන්න වෙමින් පවතී. ජීවිත අනතුරට පත්ව ඇත, ශල්‍යකර්ම කල් දැමේ, ළමුන් සහ ගැබිණි කාන්තාවන් දැඩි අවදානමකට ලක්ව ඇත. යථාර්තය මෙය වන අතර, අප ඒ බව පිළිගෙන ශ්‍රී ලංකාවට උපකාර කළහැකි ආකාරයන් පිළිබඳව සොයා බැලිය යුතුය. මෙම ඖෂධ තොග ශ්‍රී ලංකා රජයට භාරදීමේ අවස්ථාවට ජාත්‍යන්තර රොටරි සමාජයේ සභාපතිතුමියගේ සහභාගීත්වය ගැන මම සතුටු වෙමි” යනුවෙන්ද පැවසීය.
මෙම වසරේ අගෝස්තු මාසයේදී ජාත්‍යන්තර රොටරි සමාජය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල එක්ව, ආර්ථික අර්බුදයෙන් රට පුරා පීීඩාවට පත් ළමුන් සහ පවුල්වල අය සඳහා ජීවිතාරක්ෂක ඖෂධ, පිරිසිදු පානීය ජලය සහ අධ්‍යාපන පහසුකම් සහ අනෙකුත් තීරණාත්මක සැපයුම් ලබා ගැනීමට ආධාර කිරීම සඳහා අවශ්‍ය අරමුදල් රැස්කරන ලදී.
Video Story