• Ada Derana BIZ Sinhala
  • inflation
  • sri lanka

ජාතික උද්ධමනය පහළට

December, 21, 2022

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2022 නොවැම්බර් මාසයේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 65% ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

2022 ඔක්තෝබර් මාසයේ දී මෙම අගය 70.6% ක් ලෙසින් වාර්තා වී තිබුණි.

ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ දී පැවති 80.9% සිට 2022 නොවැම්බර් මාසයේ දී 69.8% ක් දක්වා පහළ ගොස් තිබේ.

මේ අතර ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය

2022 ඔක්තෝබර් මාසයේ දී පැවති 61.3% සිට 2022 නොවැම්බර් මාසයේ දී 60.4% ක් දක්වා පහළ ගොස් තිබේ.

Video Story

Stock Market

Exchange Rates