මහ බැංකුව වසර අවසාන බිල්, බැඳුම්කර වෙන්දේසිවලට සැරසෙයි

    December, 27, 2022

    ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව හෙට (28) සහ අනිද්දා (29) දිනයන් හි පිළිවෙලින් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සහ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් කැඳවා තිබේ.

    මෙම වෙන්දේසිය දෙක 2022 වසරේ දී පවත්වනු ලබන අවසාන රජයේ සුරැකුම්පත් වෙන්දේසි දෙක වේ.

    ඒ අනුව හෙට දිනයේ දී රු. මිලියන 98,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පැවැත්වෙන අතර අනිද්දා දිනයේ දී රු. මිලියන 90,000 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් පැවැත්වෙනු ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates