ජනවාරියේ දී ගල් අඟුරු නැව් 7 ක්. ඩොලර් දෙන්න මහ බැංකුව සූදානම් – කංචන

    December, 27, 2022

    එළඹෙන ජනවාරි මාසයේ දී ගල් අඟුරු නෞකා 7 ක් ලබා ගැනීමට උත්සාහ කරන බවත් ඒ සඳහා අවශ්‍ය ඩොලර් ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව සැලසුම් සකස් කර ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    අද (27) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

    “ජනවාරි මාසය තුළ අපි උත්සාහ කරන්නේ ගල් අඟුරු නෞකා 7ක් ලබා ගන්න. මේක මීට පෙර අපි ලබා ගෙන නැහැ ලංකාවේ. 6 ක් තමයි සාමාන්‍යයෙන් උපරිම වශෙයන් ලබා ගෙන තිබෙන්නේ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා 7 වෙනි නෞකාවත් ජනවාරි මාසයට පැමිණෙන, ජනවාරි මාසේ 31 වෙනිදා ලබා ගැනීමේ කටයුතු කරන්න. ඒ වගේම මේ ගල් අඟුරු වෙනුවෙන් අවශ්‍ය මූලික මුදල්, 30% ක මුදලක් අපි බැඳිය යුතුයි. ඒම මුදල් මේ වෙන විට නෞකා කිහිපයකට ඒ වෙනුවෙන් ගෙවීම් කටයුතු කරලා තියෙනවා. ඉතිරි 70% ක මුදල ගෙවීම් කටයුතු කිරීම සඳහා විශේෂයෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය ඒ වෙනුවෙන් අවශ්‍ය රුපියල් ප්‍රමාණය ලබා දීමටත් ඒ වගේම මහ බැංකුව හරහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ලබා දීමටත් මේ වන විට සැලසුම් සකස් කරලා තියෙනවා.“

    Video Story

    Stock Market

    Exchange Rates