December, 27, 2022
එක් එක් වී ගොවියා හට වෙන්කර ඇති පොහොර ප‍්‍රමාණය, 2023 ජනවාරි 5 දින දක්වා ගොවිජන සේවා මධ්‍යස්ථාන වල ප‍්‍රදර්ශනය කෙරෙයි
එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් ජාත්‍යන්තර සංවර්ධනය සදහා වූ එක්සත් ජනපද නියෝජිතානතනයේ (USAID) ලබාදෙන අරමුදල් හරහා ශ‍්‍රී ලංකාවේ සියලූම වී ගොවීන් වෙත කෘෂිකර්ම අමාත්‍යාංශය සහාය ඇතිව ටි‍්‍රපල් සුපර් ෆොස්ෆේට් (Triple Super Phosphate - TSP) ටොන් 36,000ක් බෙදා දෙනු ඇත. 2022/2023 මහ කන්නයේ දී වගා කරනු ඇති භූමි ප‍්‍රමාණය මත පදනම්ව එක් එක් වී ගොවියා වෙත ලබාදෙන TSP ප‍්‍රමාණය තීරණය කරනු ඇත.
එක් එක් වී ගොවියා වෙත වෙන්කර ඇති පොහොර ප‍්‍රමාණය තීරණය කිරීමේ දී යොදා ගන්නා ලද, මේ වර්ෂයේ මහ කන්නයේ වගා කරන ලද භූමි ප‍්‍රමාණය පිළිබඳ විස්තරය, බෙදා හැරීමේ ලැයිස්තුව ද සමග ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් සියලූම ගොවිජන සේවා මධ්‍යස්ථාන වල ප‍්‍රකාශයට පත්කර ප‍්‍රදර්ශනය කිරීමට කටයුතු කර ඇත. අදාළ ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ගොස් තම තමන්ගේ විස්තර එකී ලැයිස්තුවට ඇතුළත් කර ඇතිදැයි විමසා බලන ලෙස සුදුසුකම් ලත් සියලූ වී ගොවීන් වෙතින් FAO ඉල්ලා සිටියි. බෙදා හැරීමේ ලැයිස්තුව 2023 ජනවාරි 5 දින දක්වා සියලූ ගොවිජන සේවා මධ්‍යස්ථාන වල ප‍්‍රදර්ශනය කෙරෙනු ඇති අතර, පොහොර බෙදා දෙන දිනය ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත දැනුම්දෙනු ඇත.
Video Story