• Ada Derana BIZ Sinhala
  • foreigners
  • Immigration Department
  • sri lanka

විදේශිකයන් 208 ක් ශ්‍රී ලංකාවේ සරණාගතභාවය ඉල්ලලා – ආගමන විගමන දෙපාර්තමේන්තුව කියයි

December, 28, 2022

2021 දෙසැම්බර් 31 දින වන විට විදේශිකයින් 208 දෙනෙකු ශ්‍රී ලංකාවේ සරණාගත තත්ත්වය ඉල්ලුම්කර ඇති බව ආගමන හා විගමන දොපර්තමේන්තුව පවසයි. මෙයින් 149 දෙනෙකුම පාකිස්ථානු ජාතිකයින් බව අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර 2021 දෙසැම්බර් 31 දින වන විට සරණාගතයන් පිළිබඳ කටයුතු කිරීමේ ඒකකයේ අධීක්ෂණය යටතේ සරණාගත තත්ත්වය ලබා මෙරට තුළ රැඳී සිටින විදේශිකයින් සංඛ්‍යාව 912 ක් බව ආගමන හා විගමන දොපර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටී. මෙම සංඛ්‍යාවෙන් 709 දෙනෙකුම පාකිස්ථානුවන් වේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ 2021 වාර්ෂික කාර්යසාධන වාර්තාවෙහි මේ බව සඳහන්ව ඇත.

Video Story

Stock Market

Exchange Rates