මගීන් 398 ක් සමඟින් ‘රෙඩ් වින්ග්ස්‘ මත්තලට

    December, 29, 2022

    රුසියාවේ රෙඩ් වින්ග්ස් ගුවන් සේවය ශ්‍රී ලංකාව දක්වා සිය ගුවන් මෙහෙයුම් අද (29) දින ආරම්භ කරන ලදී.

    ඒ රුසියානු සංචාරකයින් 398 දෙනෙකු රැගත් Boeing 777-200 ගුවන් යානයක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ (MRIA) වෙත සම්ප්‍රාප්ත වීමත් සමඟිනි.

    රුසියාවේ විශාලතම ගුවන් සේවා 10 න් එකක් වන රෙඩ් වින්ග්ස් ගුවන් සේවය සිව වසර 23 ක ව්‍යාපාරික ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව වෙත පියාසර කරනු ලබන පළමු අවස්ථාව මෙයයි.

    මොස්කව් සිට මත්තල දක්වා වූ මංගල ගුවන් යානය සංචාරකයින් 398 දෙනෙකු සමඟ අද (29) පෙරවරු 09.42 ට ළඟා විය.

    උඩරට සම්ප්‍රදායික නැටුම් ප්‍රසංගයකින් මගීන් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සහ සිද්ධාලේප අනුග්‍රහයෙන් තේ තෑගි ඇසුරුම් පිරිනැමිණි.

    Video Story

    Stock Market

    Exchange Rates