December, 29, 2022
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම නිදහස් ඩිජිටල් අධ්‍යාපන සැපයුම්කරු වන ඞී.පී.එඩියුකේෂන් විසින් "ඩී.පී. එඩියුකේෂන් කෝඩින් පාසල” හි පෙර දොරටවැඩූම, සේරුවිල මංගල රජමහා විහාරාධිපති, ශ‍්‍රද්ධා මාධ්‍ය ජාලයේ ගරු අනුශාසක, මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ අනුශාසක, ගෞරවනීය අළුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන්, සහ ධම්මික හා ප‍්‍රිසිලා පෙරේරා පදනමේ සම නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතාගේ ප‍්‍රධාන අනුග‍්‍රහයෙන්, 2022 දෙසැම්බර් මස 16 වන දින මහමෙව්නා බෞද්ධ විද්‍යාල පරිශ‍්‍රයේදී පැවැත්වුණි. එමඟින් සියලූම ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ගාස්තුවකින් තොරව කෝඩින් විෂය ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලාංකිකයන්ගේ ඩිජිටල් සාක්ෂරතාවය වර්ධනය කිරීම උදෙසා මෙන්ම, දරුවන්ගේ සහ තරුණයන්ගේ තාර්කික චින්තන කුසලතාවයන් වර්ධනය කර ගැනීම උදෙසා ද මහඟු ලෙස ඉවහල් වේ. තව ද, එමගින් කම්පියුටර් ප්‍රෝග‍්‍රැමින් (Computer Programming), සොෆ්ට්වෙයාර් ඉංජිනේරු (Software Engineering), සහ සොෆ්ට්වෙයාර් ප්‍රෝග‍්‍රැමින් (Software Programming) යන ගෝලීය වශයෙන් ඉහළ ඉල්ලූමක් ඇති රැකියා අවස්ථා සඳහා අවශ්‍ය මූලික දැනුමින් ලාංකික තරුණ පරපුර සන්නද්ධ කෙරේ.
මීට සමගාමීව, ගෞරවනීය අළුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේගේ අදහසකට අනුව ඩී.පී. එඩියුකේෂන් කෝඩින් ක්ලබ් සංකල්පය මෙම විද්‍යාලයේ පළමු වරට ආරම්භ කරන ලදී. එමෙන්ම, උන්වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ විදුහල්පති ජී. ආර්. සී. කේ. ගම්ලත් මහතාගේ උපදෙස් මත විද්‍යාලයේ 6 ශ්‍රේණියේ සිට ඉහළට සියලූම සිසුන්ට කෝඩින් විෂයක් ලෙස ඉගනගැනීම අනිවාර්ය කෙරිණි.
එම අවස්ථාවේදී, ධම්මික පෙරේරා මහතා අතින් ඩී. පී. එඩියුකේෂන් "කෝඩින් ස්කුල් කෝඩ් චෑම්ප් ඔෆ් ඉනොවේෂන්” (DP Education Coding School Code Champ of Innovation) තරගාවලියේ පළමු ස්ථාන ත‍්‍රිත්වය ලබාගත් ජයග‍්‍රාහකයින් හට පිළිවලින් රුපියල් ලක්ෂ තුන, ලක්ෂ දෙක, සහ ලක්ෂය බැගින් වූ මුදල් ත්‍යාග පිරිනමන ලදී. එමෙන්ම "ඞී.පී. එඩියුකේෂන් කෝඞ් චෑම්ප් ඔෆ් ක‍්‍රියේටිවිටි්” (DP Education Code Champ of Creativity) තරගාවලියේ ජයග‍්‍රාහකයන් හට ද ත්‍යාග සහ ශිෂ්‍යත්ව ලබා දෙන ලදී. මීට අමතරව මහමෙව්නා බෞද්ධ විද්‍යාලයට රුපියල් ලක්ෂ 40ක් වැයකොට ඉදි කරන ලද ශබ්දාගරයක් ද, ඞී. පී. එඩියුකේෂන් ඩිජිටල් පන්ති කාමර දෙකක් ද ධම්මික පෙරේරා මහතා විසින් පරිත්‍යාග කරන ලදී.
මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය මුල් කරගෙන ඩී.පී. එඩියුකේෂන් කෝඩින් ක්ලබ් ශ්‍රී ලංකාවේ අනෙකුත් පාසල් වල ද ක‍්‍රියාත්මක වනු ඇත. ඒ සම්බන්ධ වැඩිදුර විමසීම් සඳහා දුරකථන අංක 076 812 5244 හෝ 076 141 1511 අමතන්න. ඩී.පී. එඩියුකේෂන් කෝඩින් පාසල වෙත පිවිසීමට www.dpcode.lk වෙත යන්න.









Video Story