ඔක්තෝබර් මාසයේ විදුලිබල මණ්ඩලයේ ආදායම රු. බිලියන 33 ඉක්මවයි

    December, 29, 2022

    වත්මන් ගාස්තු ව්‍යුහයත් සමඟින් පසුගිය 2022 ඔක්තෝබර් මාසයේ දී ලංකා විදුලිබල මණ්ඩලය රු. බිලියන 33.6 ක ආදායමක් උපයා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී පවසන්නේ 2022 නොවැම්බර් මාසයේ මණ්ඩලයේ ආදායම රු. බිලියන 35.6 ක් බවයි.

    මේ අතර විදුලිබලාගාර ක්‍රියාත්මක් කිරීම සඳහා අවශ්‍ය ඩීසල්, නැප්තා ඇතුළු ඉන්ධන ආනයනය සඳහා එළඹෙන ජනවාරි මාසයේ දී රු. බිලියන 35 ක් වැයවන බවත් ජනවාරි මාසයේ ගල් අඟුරු සඳහා වන මුළු ගෙවීම් රු. බිලියන 38.45 ක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කර සිටී.

     

     

    Video Story

    Stock Market

    Exchange Rates