ධම්මිකගේ සමාගම්වල කොටස්කරුවන්ට ලාභාංශ

    December, 30, 2022

    ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාලක කොටස් හිමිකාරීත්වය දරන හේලීස් සමූහයට අයත් සමාගම් කිහිපයක් විසින් 2022/23 මූල්‍ය වර්ෂයට අදාළව ලාභාංශ ප්‍රකාශයට පත් කර තිබේ.

    ඒ අනුව තලවාකැලේ වැවිලි සමාගම් 2022/23 වර්ෂය සඳහා සිය දෙවන අතුරු ලාභාංශය නිවේදනය කරමින් කොටසකට රු. 5 ක් බැගින් වන ලාභාංශයක් ප්‍රකාශයට පත් කර ඇත.

    හේකාර්බ් සමාගම කොටසකට රු. 1.50 ක් බැගින් වන පරිදි සිය දෙවන අතුරු ලාභාංශය නිවේදනය කර ඇත.

    මේ අතර ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් සමාගමේ ප්‍රකාශයට පත් කර ඇති සිය දෙවන අතුරු ලාභාංශයේ වටිනාකම එක් කොටසකට රුපියලකි.

    හේලීස් ෆැබ්රික් සමාගම කොටසකට සත 20 ක වන පරිදි සිය දෙවන අතුරු ලාභාංශය නිවේදනය කර ඇත.

    මේ අතර කැලනිවැලි වැවිලි සමාගම කොටසකට රු. 3 ක් බැගින් වන පරිදි සිය දෙවන අතුරු ලාභාංශය ප්‍රකාශයට පත් කර තිබේ.