January, 3, 2023
පසුගිය 2022 දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය 91,961 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
අධිකාරියේ නවතම දත්තවලට අනුව 2022 වසර තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 719,978 ක් වේ.
2022 දෙසැම්බර් මාසය තුළ දී රුසියාවෙන් 19,963 ක සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එම ප්‍රමාණය ශ්‍රී ලංකාවට 2022 වසර තුළ දී හත් ලක්ෂයක සංචාරක ඉලක්කයක් සපුරා ගැනීමට බෙහෙවින් ඉවහල් වී තිබේ.
මීට අමතරව දෙසැම්බර් මාසය තුල දී වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනි. එම සංඛ්‍යාව 17,350 ක් වේ.
2022 සමස්ත වර්ෂය සැලකීමේ දී වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ද ඉන්දියාවෙන් වන අතර එය 123,004 ක් වේ. එය වසර තුළ පැමිණ ඇති සමස්ත සංචාරක ප්‍රමාණයෙන් 17% කි.






Video Story