January, 3, 2023
රාජ්‍ය සේවකයින් සඳහා ඉදිකරන ලද නිවාස ඒකක 608කිින් සහ වාණිජ ඒකක 05කින් සමන්විත මහල් නිවාස 24කින් යුත් පැලැන්ගස්තුඩුව, බොරැල්ල, ඕවල් වීව් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතියේ වැඩ අවසන් කර 2020 වර්ෂයේදී නිවාසවල භුක්තිය නිවාසලාභීන් වෙත ලබා දී ඇත.
ඒ අනුව, 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරි පනතේ විධිවිධාන පරිදි නිවාසලාභීන් වෙත සින්නක්කර ඔප්පු ලබා දීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මන්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story